Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඇන්ජලීනා සහ බ්‍රැඩ් පිට් විවාහ දිවියට (PHOTOS)

Friday, August 29, 2014
වසර ගණනාවක් එකිනෙකා සමග එකට ජීවත්වූ ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට් ඉකුත්දා විවාහ දිවියට එලැබියා. ඔවුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ එකිනෙකා සමග එකට ජීවත් වුණත්  අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සමලිංගික විවාහ නීතිගත කරන තෙක් තමන් විවාහ නොවන බවයි. ඉකුත් වසරේ ජුනි මාසයේදී එහි සමලිංගික විවාහ නීතිගත කෙරුණා. ඒ අනුව ඇන්ජලීනා සහ බ්‍රැඩ් පිට්ගේ විවාහය ඔවුන් මුලින් කළ ප්‍රකාශයට ගරුකිරීමක් බවයි ඔවුන්ගේ හිතවතුන් පවසන්නේ. මෙතෙක් කල් විවාහ වී නොසිටියත් මේ දෙදෙනා දරු දැරියන් 06 දෙනෙකුගේ මවු පියන්. විවාහ උත්සවය පැවැත්වුණේ ප්‍රංශයේ කුඩා පල්ලියකයි. ඔවුන්ගේ දරු දැරියන් 06 දෙනාද ඊට සහභාගී වී සිටියා. ඇන්ජලීනා මේ වනවිට පසුවන්නේ 39 වන වියේයි. බ්‍රැඩ් පිට් 50 වන වියේ පසුවනවා. මේ දෙදෙනාම මීට පෙර වෙනත් අය සමග විවාහ වී සිටි අයයි. බ්‍රැඩි පිට් ජෙනිෆර් ඇනිස්ටන් සමගත් ඇන්ජලීනා ජොලි ලී මිලර් සහ බිලී බොබ් සමගත් එලෙස විවාහ වී සිටියා. 





තවත් කලා පුවත්

Previous
Next Post »