Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගණිකා වෘත්තියේ යෙදුණු බොලිවුඩ් නිළිය

Friday, September 05, 2014
සම්මානනීය බොලිවුඩ් රංගන ශිල්පිණියක් ගණිකා වෘත්තියේ යෙදී සිටියදී ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිය ගණුදෙනුකරුවෙකු සමග හෝටල් කාමරයක රැයක් ගතකරමින් සිටියදීයී. මේ වනවිට 23 වන වියේ පසුවන මෙම රංගන ශිල්පිණිය ශ්වේතා බාසු. ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ඇය Makdee, Iqbal, Aaah ! Life ho tho Aisi, Darna Zaroori Hai වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණා. ඉන්දීය ජාතික සිනමා උළලේදී හොඳම ළමා නිළිය ලෙස සම්මාන ලැබූ ශ්වේතා IFFA ​සිනමා සම්මාන උළලේදී හොඳම සහය නිළිය ලෙසද වරක් නිර්දේශ වූ අයෙක්. කෙසේවෙතත් තමන් මේවනවිට මූල්‍ය දුෂ්කරතාවලින් පීඩාවිදින බවත් ඒ  නිසා තමන්ගේ සහ පවුලේ අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකි වී ඇති බවත් ඇය කියා සිටියා.මෙම මූල්‍ය දුෂ්කරතා ජයගැනීමට තමන් විවිධ උත්සහයන් ගත් බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. එහෙත් ඒ කිසිදු උත්සයහක් සාර්ථක නොවූ නිසා අවසන් විකල්පය ලෙස ගණිකා වෘත්තිය තොරාගත් බවද ඇය ප්‍රකාශ කළා. ඇය සමග රැයක් ගතකිරීමට ගණුදෙනුකරුවෙකු විසින් ගෙවිය යුතු මිල ඉන්දීය රුපියල් 100,000 ක්. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් ලක්ෂ 03 ක් පමණ වනවා.






තවත් කලා පුවත්

Previous
Next Post »