Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

වලගම්බා රජු යළි උපදීයි (Video සහිතයි)

Friday, March 13, 2015
රිදී තිරය සදහා නිර්මාණය කෙරුණු ඓතිහාසික කථා පුවතක් රැගත් තවත් චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටය (Trailer) මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ වලගම්බා රජ පුවතයි. සොලී ආක්‍රමණ හමුවේ වලගම්බා රජු පලායන සැටිත් පසුව රහසිගතව සේනා සංවිධාන කරන අයුරුත් බැමිණිතියා සායෙන් ශ්‍රි ලාංකිකයන් පීඩා විදින අන්දම සහ ත්‍රිපිඨකය ග්‍රාන්ථාරූඩ කිරීමත් මෙමගින් ප්‍රතිනිර්මාණ කර තිබෙනවා. චිත්‍රපටයට නම යොදා ඇත්තේ "ආලෝකෝ උදපාදි" ලෙසයි. නිෂ්පාදනය තුසිත විජේසේනගෙන්. සමන් වීරමන් විසින් මෙහි තිර පිටපත ලියා ඇති අතර අධ්‍යක්ෂණ උපදේශකවරයාද ඔහුයි. සංගීත අධ්‍යක්ෂණය මිලින්ද තෙන්නකෝන්ගෙන්. මීට පෙර දුටුගැමුණු ලෙස විශිෂ්ඨ රංගනයක යෙදුණු උද්දික ප්‍රේමරත්න මෙහි වලගම්බා චරිතයට පණ පොවනවා. 

Trailer පහතින් බලන්න




ඡායාරූප කිහිපයක් පහතින් බලන්න











තවත් කලා පුවත්

Previous
Next Post »