Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රයිනි විවාහ ගිවිසගනීයි (Photos සහිතයි)

Saturday, March 14, 2015
රූකාන්ත - චන්ද්‍රලේඛා දෙන්නගේ දියණිය, රයිනි චාරුකා ගුණතිලක විවාහ ගිවිසගෙන. ඇගේ මනාලයා අකිල. මේ දෙන්නගේ විවාහ ගිවිසගැනීම සිදුවෙලා තියෙන්නේ මීට ටික දවසකට කලිං අමෙරිකාවේ වොෂින්ටන් නුවරදීයි. හැබැයි විවාහ උත්සවය නම් ශ්‍රී ලංකාවේදී ගන්න තමයිලු රයිනිගේ වැඩි කැමැත්ත. ඒ විතරක් නෙමෙයි විවාහයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පදංචි වෙන්නත් දෙන්නගේ අදහසක් තියෙනවලු. 
රයිනි, සංගීතමය පසුබිමක ඉපදුනු හා හැදුනු වැඩුනු තැනැත්තියක්. ඒ වගේම ඇගේ මනාලයා ඇයට හමුවී තිබෙන්නෙත් සංගීතය නිසාමලු. රයිනි, සිය මව්පියන් ද සමග දැන් කලක සිට ජීවත් වන්නේ අමෙරිකාවේ. රූකාන්ත එරටදී සංගීත කණ්ඩායමක් ද පවත්වාගෙන යනවා. රයිනිගේ මනාලයා, අකිලත් මේ සංගීත කණ්ඩායමේම සාමාජිකයෙක්ලු. එහි පුහුණුවීම් අතරතුර තමයි රයිනියි අකිලයි මුලින්ම හමුවී තියෙන්නේ. දෙන්නගේ ආදර කථාවට දැන් අවුරුදු 6 ක් විතරත් වෙනවලු.
සාමන්‍යයෙන් පෙම්වතුන් හෝ විවාහක යුවලක් සමරන්නේ ඔවුන්ගේ ආදරයේ හෝ විවාහයේ වසරක, වසර දෙකක හෝ වසරක තුනක වගේ වාර්ෂික සැමරුම්. ඒත් රයිනියි අකිලයි දෙන්නා සතියෙන් සතිය එයාලගේ විවාහ ගිවිසගැනීම සමරනවා කියලත් ආරංචියි. පළමු සතියේ සංවත්සරය වෙනුවෙන් රයිනිට ලැබිලා තියෙන්නේ රෝස මල් පොකුරක්ලු.

ගිවිසගැනීමේ පළමු සතියේ සංවත්සරය වෙනුවෙන් රයිනිට ලැබුනු රෝස මල් පොකුර


රයිනි සහ අකිල එක්ව ගත් ඡායාරූප




තවත් කලා පුවත්

Previous
Next Post »