දුටුගැමුණු රජ රිදී තිරයට රැගෙන ආ "මහරජ ගැමුණු" චිත්‍රපටය ඊයේ (මාර්තු 13) දින 50 සමුපූර්ණ කළා. ඒ වෙනුවෙන් විශේෂ දර්ශන වාරයක් ද සංවිධාන කර තිබුණු අතර චිත්‍රපටයේ රංගන ශිල්පීන්ගේ සහ සෙසු ශිල්පීන්ගේ ද සහභාගීත්වයෙන් මෙම විශේෂ දර්ශනය තිරගත කෙරුණේ කොළඹ ලිබර්ටි (Liberty) සිනමා ශාලාවේදී. තමන් ආදරය කරන රංගන ශිල්පීන සමග ඡායාරූපවලට පෙනීසිටීමේ අවස්ථාව රසිකයන්ට උදාකර දීමට ද සංවිධායකයන් මෙහිදී කටයුතු යොදා තිබුණා.
"මහරජ ගැමුණු" ජයන්ත චන්ද්‍රසිරිගේ තවත් අධ්‍යක්ෂණයක්. කථිකාචාර්‍යය ගුණපාල රත්නසේකර විසින් එය නිෂ්පාදනය කෙරුණා. චරිත නිරූපණය කරන්නේ උද්දික ප්‍රේමරත්න, ජැක්සන් ඇන්තනී, කුසුම් රේණු, යශෝධා විමලධර්ම, ශ්‍රියන්ත මෙන්ඩිස්, සාරංග දිසාසේකර, උමාලි තිලකරත්න ඇතුළු නළු නිළි කැලක්. සංගීතය නදීක ගුරුගේයි. රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂනය සිදුකර තිබෙනවා. සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේගෙයි.
EmoticonEmoticon