Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

විනූ රහසක් හෙළි කරයි

Monday, March 16, 2015
විනූ උදානි, මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන්. පසුව රංගන ශිල්පිණියක් ලෙසත් රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් ඇය රසික ප්‍රසාදය දිනාගත්තා. මීළඟට ඇය සූදානම්වන්නේ වෙනස්ම අඩව්වක් අල්ලන්න. ඒ පුවත්පත් කලාවේදීනියක් ලෙස කටයුතු ආරම්භ කරමින්. 

විනූ උදාන ජනසන්නිවේදනය පිළිබද උපාධිධාරිනියක් වනවා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍රෙව්දී උපාධියක්ද සම්පූර්ණ කිරීමයි ඇගේ අපේක්ෂාව වන්නේ. උගත් දැනුමෙන් ප්‍රයෝජන ගැනීම සදහා තමන් කිසියම් පුවත්පතක් සමග සේවය කිරීමට ද සූදානම් වන බව ඇය කියා සිටියා. පළමු ලිපිය මහාචාර්‍යය සුනිල් ආරියරත්න මහතා සමග සිදුකරන සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සම්පාදනය කරන බවයි විනූ වැඩිදුරටත් පවසනනේ. කෙසේවෙතත් මෙම ලිපිය පළකරනේ, නැතහොත් තමන් සේවය කරන්නේ කුමන පුවත්පත් ආයතනයට දැයි ඇය හෙළි කළේ නැහැ. 

මේ අතර විනූ උදානිගේ 23 වන උපන් දිනය ඉකුත් 10 වනදාට යෙදී තිබුණා. එදින වැඩිවෙලාවක් තමන් ළමයින් සමග ගත කළ බවයි අැය කියා සිටියේ. ඊට අමතරව පවුලේ උදවියට පුංචි සාදයක් ලබාදුන් බව ද විනූ කියා සිටියා.

විනූ උපාධි ප්‍රදානය අවස්ථාවේ



උපන්දින සැමරුමේ ඡායාරූප මෙතනින් ලියන්න

තවත් කලා පුවත්

Previous
Next Post »