ගායන ශිල්පී එම් ජී ධනුෂ්ක රිය අනතුරකින් තුවාල ලබා තිබෙනවා. ඔහු ගමන් කළ මෝටර් රථය අණමුඩුව මරුංගොඩ ප්‍රදේශයේදී පාලමක ගැටීමෙන් අද (ජුලි 06) අලුයම මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.
එම් ජී ධනුෂ්ක ඊයේ රාත්‍රි නවගත්තේගම වෙලේවැව ප්‍රෙද්ශයේ පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වී තිබෙනවා. ඔහු අනතුරට ලක්වි ඇත්තේ මෙම සංගීත සංදර්ශනය නිමාවා ආපසු පැමිණෙමින් සිටියදී. මොටර් රථය පදවාගෙන පැමිණි රියදුරාද තුවලා ලබා තිබෙනවා. ප්‍රතිකාර සදහා ඔවුන් දෙදෙනාම ඇතුලත් කෙරුණේ ආණමඩුව දිසා රෝහලටයි. පසුව රියදුරා පමණක් හලාවත මහ රෝහලට මාරු කෙරුණා. එම් ජී ධනුෂ්කගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි කියා සිටියේ.
EmoticonEmoticon