දෙරණ ලිට්ල්ස්ටාර් සීසන් සෙවන් තරගාවලියේෙ අවසන් මහා තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ දී ඊයේ (ජුලි 04) රාත්රී පැවැත්වුණා. වයස අවුරුදු 8න් පහළ ගායන අංශයේ ජනප්රියම පුංචි තරුව ලෙස එහිදී කිරුළ දිනාගත්තේ දුලාන්යා සයුන්දීයි. එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ ජනප්රියම පුංචි තරුව ලෙස බිනුලි මෙතුලිමා කිරුළ දිනාගත්තා. වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ ජනප්රියම තරුව වූයේ ශාරද අචින්තයි. මෙතින් ජයසූරිය එම වයස් කාණ්ඩයේ ජනප්රියම නර්තන තාරකාව වුණා.
වයස අවුරුදු 8න් පහළ ගායන අංශයේ දක්ෂතම තරුව බවට පත්වුයේ සශ්රිකා සේමිණි දැරියයි. එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ දක්ෂතම තරුව ලෙස ටාෂියා මිනිදුලි සම්මාන දිනාගත්තා. වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ දක්ෂතාම තරුව ලෙස අභිෂේක ලැබුවේ හේෂාන් සත්සරයි. බුද්ධිනි තරුෂා වඑම වයස් ඛාණ්ඩයෙන් නර්තන අංශයේ දක්ෂතම තරුව ලෙස සම්මාන දිනාගත්තාය.
EmoticonEmoticon