Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ෂාරුක්ගේ පරණ පෙමක් ආයෙත් ලියලයි ?

Saturday, March 01, 2014
ෂාරුක් ඛාන් සහ කාජල් ප්‍රධාන චරිත නිරූපණය කළ "දිල්වාලේ දුල්හානිය ලේ ජයන්ගේ" චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කිරීමට එහි අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා සූදානම් වෙමින් ඇතැයි බොලිවුඩු වාර්තා පවසනවා. 1995 දී පළමුවරට තිරගත වූ මෙම චිත්‍රපටය Filmfare සම්මාන 10 ක් ද ඇතුළුව සම්මාන 14 ට වැඩි සංඛ්‍යාවක් දිනාගෙන තිබෙනවා. එහි ප්‍රතිනිර්මාණය සදහාත් ෂාරුක් ඛාන් සහ කාජල් එක්වනු ඇතැයි ද එහෙත් මෙවර ඔවුන් පෙනීසිටිනු ඇත්තේ ප්‍රධාන චරිත සදහා නොව සුළු චචිත දෙකකට බව ද සදහන්. මුල් නිර්මාණයේ පිටපත පවා කාලීන ලෙස වෙනස් කර තිබෙනවා. ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇත්තේ ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී නළුවෙකු වන ෆර්හාන් ඛාන් සහ සුරූපී නළි මහීකා ශර්මායි. කෙසේවෙතත් මෙම තොරතුරු සත්‍යයෙන් තොර බවයි ආදිත්‍ය චොප්රාගේ චිත්‍රපට සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නම් කියා තිබෙන්නේ.
ශාරුක් ඛාන් යනු සිය රංගනයෙන් රසික සිත්වල නොමැකෙන මතක රැසක් ඉතිරි කළ රංගන ශිල්පියෙක්. විශේෂයෙන්ම පෙම්වතාගේ චරිති නිරූප/නය කිරීමේදී ඔහු දක්වන ප්‍රතිභාව ඉතා ඉහළයි. ෂාරුක්ට වඩාත්ම ගැලපෙන පෙම්වතිය ලෙස බොහෝදෙනා සලකන්නේ කාජල්. ෂාරුක් සහ කාජල් දෙදෙනා කලක් බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය පෙම්වතුන් ද වුණා.එත් දැන් වසර කිහිපයකින්ම මේ දෙදෙනා චිත්‍රපටයක එකට රගපාලා නෑත ඒ නිසා සුළු චරිත සදහා උවත් කාජල් සහ ෂාරුක් නැවත එකට රඟපානු දකින්න බොහෝ සිනමා රසිකයන් කැමති වේවි. ඒ වගේම  "දිල්වාලේ දුල්හානිය ලේ ජයන්ගේ" චිත්‍රපටයේ ඇතුලත් ආදර කථාවත් හරිම සංවේදී හා ආකර්ශනීය එකක්. ඒ නිසා එම චිත්‍රපටය අළුත් මුහණුවරකින් දකින්නත් රසිකයන් වැඩි දෙනෙක් කැමති වේවි.

"දිල්වාලේ දුල්හානිය ලේ ජයන්ගේ" මුල් චිත්‍රපටයේ දර්ශන කිහිපයක් මේ.




  

තවත් කලා පුවත්

Previous
Next Post »