Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පණ්ඩිත් අමරදේවයන් අගයමින් උපහාර ප්‍රසංගයක්

Monday, March 31, 2014
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අමරණිය ලකුණක් වන පණ්ඩිත් ඩබ්. ඩී අමරදේවයන්ට උපහාර වශයෙන් සංවිධාන කෙරුණු ප්‍රසංගයක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩංගනයේදීයි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවා වනිතා ඒකකය විසින් සංවිධාන කෙරණු මෙම ප්‍රසංගය නම් කර තිබුණේ "සන්නාලියනේ අමරසර ජීවන ගෙත්තම" ලෙසයි. පණ්ඩිත් ඩබ්. ඩී අමරදේවයන් දශක කිහිපයක් තිස්සේ ගායනා කළ ගීත සමූහයක් සනත් නන්දසිරි, ටී එම් ජයරත්න, එඩවඩ් ජයකොඩි, ජානක පෙරේරා, ක්‍රිෂාන්ත එරන්දක, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, චරිතා ප්‍රියදර්ශනී පීරිස් වැනි තවත් ප්‍රකට ගායන ශිල්පීන් හා ගායන ශිල්පිනියන් විසින් එහිදී ගායනා කරනු ලැබුවා. ප්‍රසංගය අවසානයේ පණ්ඩිත් අමරදේවයන් ද සෙසු ශිල්පීන් හා ශිල්පිණියන් සමග ගායනයක් ඉදිරිපත් කිරීම විශේෂත්වයක්. මෙම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.






තවත් කලා පුවත්

Previous
Next Post »