Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනර්කලී හැලෙයි නදීෂා කැපෙයි මධුමාධවත් එළියේ

Monday, March 31, 2014
බස්නාහිර සහ දකුණ පළාත් සභා ඡන්දය දැන් ඉවරයි. ප්‍රථිපලත් නිකුත් වෙලා. මෙම ඡන්ද විමසීම "කලාපූර්" අපට වැදගත් වුණේ කලා ලෝකය් කිහිපදෙනෙකු ද ඊට තරගවැදීම නිසා. එවැනි කිහිපදෙනෙකුගේ අපේක්ෂාවන් උපන්ගෙයිම බිඳ වැටුණේ ඡන්දෙට තරග තිරීම සදහා නාමයෝජනා හෝ නොලැබීමෙන්. ගයේෂා පෙරේරා සහ ජින්ජර් වයිට් ඔවුන්ගෙන් දෙදෙනක්. කෙසේවතත් ගීතා කුමාරසිංහ, නදීෂා හේමමාලි, අනර්කලී ආකර්ෂා, රවීන්ද්‍ර යසස්, ජගත් බෙනරගම, මධුමාධව අරවින්ද හා රොජර් සෙනවිරත්න ඡන්දට තරග කළා.
අනර්කලීත්, නදීෂාත් තරග කළේ මාතර දිස්ත්‍රික්කයට. ඊයේ නිකුත් වූ ප්‍රථිපල අනුව ඒ දෙන්නම පැරදිලා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ අනර්කලීට ලැබී තිබෙන්නේ මානප ඡන්ද 8842 ක් පමණයි. ඒ අනුව අැයට හිමිව ඇත්තේ 18වන ස්ථානය. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මාතරින් ලැබුණේ මන්ත්‍රී ආසන 10 ක් පමණයි. එක්සත් ජාතික පක්ෂයන් තරග කළ නදීෂාට මනාප ඡන්ද 11006 ක් ලැබී තිබෙනවා. ඇයට හිමි ස්ථානය අංක 09. එත් එක්සත් ජාතක පක්ෂයට මාතරින් ලැබී තිබෙන්නේ මන්ත්‍රී ආසන 4 ක් පමණයි.
මධුමාධව අරවින්දත් මානප මදි වීම නිසා පරාජය වී තිබෙනවා. ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහට තරග වැදණු මධුමාධවට ලැබී තිබෙන්නේ මානාප 24727 යි. ඒ අනුව ඔහු ගම්පහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ක්ණ්ඩායමේ 26 වැනියා. එහෙත් එම දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට පිවිසිය හැක්කේ 23 දෙනෙකුටයි. 
රවීන්ද්‍ර යසස්, රොජර් සෙනවිරත්න සහ ගීතා කුමාරසිංහ නම් ඡන්දෙන් ජයගෙන තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තරග වැදුණු රවීන්ද්‍ර එම දිස්ත්‍රික්කයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් වැඩිම මනාප ලාභියායි. ඔහුට හිමි මානාප ගණන 12885ක්. රොජර් සෙනවිරත්න ඡන්දෙට ඉදිරිපත් වුණේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධායෙන්. ඒ කොළඹ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට. ඔහුට ලැබී ඇති මනාප සංඛ්‍යාව 44011ක්.  ගීතා කුමාරසිංහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ලට තරග කර මනාප 26932ක් ලබාගනිමින් දකුණු පළාත් සභාවට පිවිස තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »