Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඔස්කා හොඳම චිත්‍රපටය "ටුවෙල් ඉයර්සස් අ ස්ලේව්”

Monday, March 03, 2014
ඔස්කා සිනමා සම්මාන උළලේ හොදම චිත‍්‍රපටය ලෙස "ටුවෙල් ඉයර්සස් අ ස්ලේව්” සම්මාන දිනාගත්තා. ඒ, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු සම්මාන රාත‍්‍රියේදීයි. හොඳම අනුවර්තිත තිර රචනය සහ හොදම සහය රංගන ශිල්පිනිය සදහා වූ සම්මානද "ටුවෙල් ඉයර්සස් අ ස්ලේව්” චිත‍්‍රපටයට හිමිවුණා.  
කෙසේවෙතත් මෙම සම්මාන රාත‍්‍රියේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත්තේ ”ග‍්‍රැටිවිටි” චිත‍්‍රපටයයි. හොඳම අධ්‍යක්ෂණය ඇතුලූ සම්මාන 07ක් ඊට හිමිවුණා. එහි අධ්‍යක්ෂවරයා වූ "අල්ෆොන්සෝ කාරන්” හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ඔස්කා සම්මානයට පාත‍්‍ර වූ පළමු ලතින් ජාතික අධ්‍යක්ෂවරයා වීම තවත් විශේෂත්වයක්. හොඳම රංගන ශිල්පියා ලෙස "ඩලස් බයර්ස් ක්ලබ්” චිත‍්‍රපටයේ "මැතිව් මැකෝන්ගේ” සම්මාන දිනාගත්තා. හොඳම රංගන ශිල්පිනිය වූයේ "බ්ලූ ජෙස්මින්” චිත‍්‍රපටයේ "කේට් බ්ලැන්කේට්”. ඔස්කා සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 85 වන වරටයි. 

කේට් බ්ලැන්කේට්

මැතිව් මැකෝන්ගේ

"ටුවෙල් ඉයර්සස් අ ස්ලේව්” චිත‍්‍රපටයේ නිර්මාණ කණ්ඩායම

NETH NEWS ඇසුරෙන්



තවත් කලා පුවත්

Previous
Next Post »