Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනර්කලී අායෙත් ඇනගනීයි

Sunday, March 02, 2014
කලාශිල්පීන් දේශපාලනයට පිවිසීම දැන් එක්තරා විදිහක විලාසිතාවක් වෙලා. අනර්කලී ආකර්ශාත් එලෙස දේශපාලනයට පිවිසි කාන්තාවක්. දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක් වන ඇය මෙවරත් එම පළාත් සභාවට තරගවදිනවා. ඒ වෙනුවෙන් වූ ප්‍රචාරක කටයුතුවලත් අැය මේ දිනවල යෙදීසිටින්නේ සිය කලා කටයුතු පවා තරමක් පස්සට දමමින්. එලෙස ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී අනර්කලීට වූ ඇබැද්දියක් "කලාපූර්" වෙත වාර්තා වුණා. 
අනර්කලී මේ ඇබැද්දියට මුහුණ දී තිබෙන්නේ මාර්ගයක ගමන් කරමින් සිටියදීයි. හෙද පාඨමාලාවක් හදාරන සිසුවියන් පිරිසක් ද ඔවුන්ගේ නිල ඇදුමින් සැරසී එම මාර්ගයේම ඉදිරිට පැමිණ තිබෙනවා. එත් හෙද නිල ඇදුම පාසල් නිල ඇදුම සමග පටලවාගත් අනර්කලී ඔවුන්ගෙන් විමසා ඇත්තේ "ආ නංගී....... ඉස්කෝලේ යනවද ? " කියායි. මේ පටලැවිල්ල නිසා අනර්කලීත් අදාල හෙද සිසුවියන් පිරිසත් සෑහෙන අපහසුතාවට ද පත්ව තිබෙනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »