Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රූකාන්තට හිරිහැර කල අයට ජනාධිපති සමාව

Saturday, April 12, 2014
රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා පෙරේරා, ගායක, ගායිකා යුවල පදිංචිව සිටි මත්තෙගොඩ ප‍්‍රදේශයේ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදි ඔවුනට හිරිහැර කළේයැයි  වරදකරුවන් වූ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් 09 දෙනාට ජනාධීපති පොදු සමාව ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන් ඊයේ බන්ධනාගාරවලින් නිදහස් වූ බවයි අධිකරණ අමාත්‍යංශය පැවසුවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටි සමයේ මෙම පිරිස ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්ව සිටියා. අදාල පහරදීම සිදුවූයේ 2000 වසරේ ජනවාරි මස 26 වැනිදායි. වරදකරුවන් වූ 08 දෙනෙකු කළුතර බන්ධනාගාරයේ  ද අනෙක් පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ ද සිරදඩුවම් වින්දා. ඔවුන්ට එම සිරදඩුවම් නියම කෙරුණේ පානදුර පළාත්බඳ මහාධිකරණයේදීයි. මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන මහත්මිය ඉකුත් වසරේ අගෝස්තු මස 01 වැනිදා එම නියෝගය ලබාදුන්නා. කෙසේවෙතත් පසු අවස්ථාවකදී රූකාන්ත කියා සිටියේ තමන්ට සහ බිරිඳට හිරිහැර කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් තම සිත තුල කිසිඳු වෛරයක් හෝ ක්‍රෝධයක් නොමැති බවයි. එම නිසා ඔවුනට නිදහස ලබාදීමට තමන්ගේ අකමැත්තක් නොමැති බවද ඔහු කියා සිටියා. 

රූකාන්ත, චන්ද්‍රෙල්ඛා සහ ඔවුන්ගේ දියණියන්



තවත් කලා පුවත්

Previous
Next Post »