Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනචල්ගේ ඒ රැගුමත් ඉවරයි

Saturday, April 12, 2014
ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට පිවිසි ඉන්දීය රංගන ශිල්පිනී අන්චල් සිංග් තවත් සිංහල චිත්‍රපටයක රගපෑම් සදහා එක්ව සිටින බව "කලාපූර්" මීට පෙර අනාරණ කළා. ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ අන්චල් නිරූපණය කළේ යශෝධරා දේවියගේ චරිතයයි. ඇය රගපාන අළුත්ම සිංහල චිත්‍රපටය "ආකර්ශා". සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂනය කරන එම චිත්‍රපටයේ රූගතකිරීම් දැන් අවසන්කර තිබෙනවා. ගීත 05ක් ද ඇතුලත් "ආකර්ශා" චිත්‍රපටයේ මුළු දර්ශණ ගණන 148ක්. එහි රූගතකිරීම් සදහා වැයකර ඇති කාලය දින 35ක්. එම චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ යුධහමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ පුතණුවන් වන යසස් රත්නායක ද මෙහි රගපෑමට එක්වීමයි. සිනමාවට තවත් නවකයෙකු වන ඔහු එහි නිරූපණය කරන්නේ කර්නල්වරයෙකුගේ චරිතයක්.





තවත් කලා පුවත්

Previous
Next Post »