Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගයාත්‍රී මෝඩකම පිළිගනීයි

Thursday, April 17, 2014
ගයාත්‍රී ඩයස් දක්ෂ රූපලාවන්‍ය ශිල්පිණියක් මෙන්ම රංගන ශිල්පිණියක්. තමන් ජීවිතේ පුරාම මොඩකම් රැසක් සිදුකළ බව ඇය පවසනවා. ඒ හිරු FM සමග සම්මුඛ සාකච්ඡාවකදීයි. එලෙ කොච්චර මෝඩකම් කළත් තමන් ඒවායින් මට්ටු නොවන බව ද එකම මෝඩකම නැවත නැවත කරන බව ද ඇය පවසනවා. 
ඒත් ඒ මෝඩකම මොකක් ද ? එහෙම ඇහුවම ගයාත්‍රී කියන්නේ තමන්, ගොඩක් දෙනා විශ්වාස කරන බවයි. ඒත් අන්තිමට වෙන්නේ ඒ හැමදෙනාම වගේ තමන් රවට්ටන බවයැයි ද ගයාත්‍රී පවසනව. එහෙම උණත් වටේ ඉන්න අය විශ්වාස කරන එක නවත්තන තවමත් තමන්ට බැරි වූ බවයි ඇය වැඩිදුරටත් කියා තිබෙන්නේ.
ගයාත්‍රිගේ උපන්දිනයත් ඊයේ (අප්‍රේල් 16) යෙදී තිබුණා. එත් සිංහල හා දෙමළ අළුත් අවුරුද්දත් සමග එක ළඟ යෙදී තිබීම නිසා වෙනත් ගොඩක් අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් උපන්දිනය නම් ජයට සමරන්න තමන්ට නොහැකි වූ බවයි ඇය ප්‍රකාශ කරන්නේ. ඊයේ ගෙදර හිටියේ තමන්ගේ දරු දෙදෙනා පම/නක් බව ද ඇය කියාසිටියා.
චන්න පෙරේරාගේ බිරිදද වන ගයාත්‍රී රංගන ශිල්පිණී නයනා කුමාරිගේ ලඟම යෙහෙලියක් ද වනවා.

ගයාත්‍රි නයනා සමග


ගයාත්‍රි චන්න සමග


ගයාත්‍රි රූපලාවන්‍ය ශිල්පිණියක් ලෙස


ගයාත්‍රිගේ උපන්දිනයට දරු දෙදෙනාගේ සුභපැතුම



තවත් කලා පුවත්

Previous
Next Post »