Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නිරෝෂාගේ බළලා මල්ලෙන් එළියට පනීයි

Saturday, April 19, 2014
කෙතරම් අළුත් අය ආවත් ගායන ක්ෂේත්‍රයේ තමන් දැරූ කිරුළ තවමත් එලෙසම රැකගෙන සිටින නිරෝෂා විරාජිණී මාස කිහිපයක් සගවාගෙන සිටි රහසක් "කලාපූර්" වෙත අනාවරණ වුණා. ඒ මෙතෙක් කල් ගායිකාවක් හා සංගීත ගුරුවරියක් පමණක් වූ ඇය හෙට අනිද්දාම ගීත රචිකාවියක් සහ සංගීත අධ්‍යක්ෂවරියක් ලෙසත් කලඑළි දකින බවයි. "විටින් විට මා නෙතට උනනා..... කඳුළු කැටයක අරුත සෙව්වෙමි......." ඒ තමයි නිරෝෂාගේ පළමු ගීතයේ පළමු පද පේළිය. ඒ පද පේළි ගෙතී ඇත්තේ ඇගේ පෞද්ගලික අත්දැකීම් සමහරක් ද පාදක කරගෙන බවයි "කලාපූර්" වෙත වැඩිදුරටත් දැනගන්නට ලැබුණේ. මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ ද නිරෝෂාමයි. ගී පද රචක නිලාර් එන් කාසිම් විසින් රචිත අළුත්ම ගීතයක් සහ තවත් අධුනික නිර්මාණකරුවෙකු විසින් රචිත ගීතයක් ද ඇය විසින් සංගීතවත් කර තිබෙනවා. මෙම ගීත තුනම බොහෝවිට ලබන මාසයේදී එළිදැක්වීමට නියමිතයි. ඒ විතරක් නෙමෙයි නිරෝෂා චිත්‍රපටයක පසුබිම් සංගීතය අධ්‍යක්ෂනය කරන්නත් බාරගෙනලු. ඒ ගැනනම් තවම වැඩි තොරතුරක් නැහැ. හැබැයි ඒ ගැනත්  අනිත් හැමෝටම කලින් ඉදිරි දවසක ඔබට වාර්තාකරන්න  "කලාපූර්" සූදානම්.

තවත් කලා පුවත්

Previous
Next Post »