Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශිල්පා රන් මාල දන්දෙයි

Sunday, April 20, 2014
බොලිවුඩ් රංගන ශිල්පිණී ශිල්පා ශෙට්ටි ලඟදී විවාහ වීමට නියමිත යුවතියන් 101 දෙනෙකුට ඔවුන්ගේ විවාහ උත්සව සදහා රන් මාල මිලදීගෙන දීමට සූදානම් වනවා. තමන් එලෙස රන් මාල මිලදීගෙන දෙන්නේ තොරාගත් දිළිඳු පිරිසකට බවයි ශිල්පා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ. ශිල්පාගේ මේ රන් මල දන්සල ඇය දේශපාලනයට පිවිසීමේ කිසියම් ඉඟියක් බව ඇතැම් අය පවසනවා. ඒත් ශිල්පා නම් කියන්නේ එවැනි බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් තමන්ට අවශ්‍ය වන්නේ දිළිඳු යුවතියන්ටත් ලස්සන විවාහ උත්සයකට ඇති සිහිනය යම් පමණකින් හෝ සැබෑ කිරීමට බවයි.

තවත් කලා පුවත්

Previous
Next Post »