Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"හේමමාලා"ගෙන් පසු ප්‍රසාදිගේ ඊළඟ සෙල්ලම

Wednesday, April 02, 2014
චිත්‍රපටයට නැගුනු තවත් බෞද්ධ කථාවක් මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම දිනාගනිමින් තිරගත වෙනවා. එම චිත්‍රපටයටය සිරි දළදාගමනයයි. වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ප්‍රසාදී සමරකෝන් එහි හේමමාලා කුමරියගේ චරිතය නිරූපණය කරනවා. ඇගේ කුළුදුල් චිත්‍රපටයටද  සිරි දළදාගමනයයි. ඒ ගැන පසුගිය දිනක ඇය සති අන්ත රිවිර පුවත්පත් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. මේ එයින් උපුටාගත් කොටසක්.

හේමමාලා කුමරියගේ චරිතයට ආරාධනා ලැබුණාම මොන වගේ හැඟීමක්ද දැනුණේ?
ඇත්තටම ලොකු සතුටක් දැනුණා. සිංහල බෞද්ධයෙක් විදිහට ආඩම්බර හිතුණා.

හේමමාලා කුමරියගේ චරිතය ඓතිහාසික චරිතයක්ග එවැනි චරිතයක් නිරූපණය පහසු වුණාද ?
අධ්‍යක්ෂ සනත් අබේසේකර මහත්මයා මම නිරූපණය කරන චරිතය පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. ඊට පස්සේ මෙම ඓතිහාසික කතා පුවත ගැන ලියැවිලා තියෙන ‍පොත්පත් කියවලා ඒ ගැන අධ්‍යනයකින් පසුවයි මම චරිතය නිරූපණය කරන්නේ. ඇත්තටම එය පහසු කටයුත්තක් වුණේ නැහැ.

මේ නිර්මාණය අතරතුර සිදුවුණු අමතක නොවන සිදුවීම් ඇති?
අපි හැමෝම සතුටින් සහයෝගයෙන් රූගත කිරීම් කළා. ඒ අතරතුර කැමරා අධ්‍යක්ෂනය කළ සුමින්ද වීරසිංහ මහත්මයාගේ අභාවය මට අමතක නොවනම සිදුවීමක්ග

රිදී තිරයෙන් පුංචි තිරයට ආරාධනා ලැබුණේ නැද්ද් ?
ආරාධනා ලැබුණා. මගේ රැකියාවත් එක්ක ටෙලිනාට්‍ය  සඳහා කාලය යොදවන්න මට බෑ.  කැප කිරීමක් නැතුව නිර්මාණයකට මම දායක වෙන්නේ නෑ.

වෙළෙඳ දැන්වීම්ල මියුසික් වීඩියෝවල රංගනය ඔබට හුරුයි. නමුත් සිනමා නිර්මාණයක රඟපෑම ප්‍රසාදි අලුත් අත්දැකීමක්. මේ තුනෙන් වඩා පහසු මොකක් ද ?
තුනම එක විදිහට අමාරුයි. කමර්ෂල් එකක් කරනකොට ‍පොඩි කාලසීමාවකදී එයට අවශ්‍ය හැමදේම හරියට කරන්න ඕන. මියුසික් වීඩියොත් ගොඩක් අමාරුයි. නමුත් චිත්‍රපටයකදී නිරූපණය කරන කොට වැරදුණොත් නැවත එය හදන්න පුළුවන්. කොහොම වුණත් ඕනම දේකට සියයට සියයක් මහන්සි වෙන්න ඕන. උනන්දු වෙන්න ඕන. නැත්නම් කිසිම දෙයක් පහසු වන්නේ නැහැ.

පවතින වාණිජ රැල්ල තුළ ප්‍රසාදි බලා‍පොරොත්තු වන නිර්මාණවලට දායකවෙන්න නොලැබුණොත් පැවැත්මක් ඇතිකර ගන්න පුළුවන්ද ?
පුළුවන්. මගේ රැකියාව රංගනය ‍නෙවෙයි. කැමැත්ත නිසයි රංගන කටයුතුවලට දායක වුණේ. රංගනයෙන් ඉවත් වුණා කියලා මට ජීවත්වෙන්න අපහසු නෑ.

ඒ කියන්නේ ජීවත්වෙන්න ඇති තරම් සල්ලි තියෙනවාද ?
ඔව්. ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙනවා.

ප්‍රසාදි කටකතාවලට බයයිද ?
මම කටකතාවලට බයත් නෑ. ඒවා ගණන් ගන්නෙත් නෑ. ඒ දේවල් නිළියකට විතරක් ‍පොදු දෙයක් ‍නෙවෙයි. සමාජයේ ඕනෑම පුද්ගලයකුට කටකතා කියන දේවල් හැදෙනවා. මගේ පවු‍ලේ අය මගේ ළඟින් ඉන්න යාළුවෝ දන්නවා මම කවුද කියලා. ඒ නිසා කටකතා මම ප්‍රශ්ණයක් කරගන්නේ නෑ.


තරුණ වියේ පසුවන කෙනෙක් විදිහට ප්‍රසාදිට ආදරයේ අත්දැකීම් නැතිවෙන්න බෑ
ඔව් මමත් ආදරය කරලා තියෙනවා.


තවත් කලා පුවත්

Previous
Next Post »