Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රී ලංකාවටත් චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්

Friday, April 04, 2014
ශී‍්‍ර ලංකාවේ සිනමාවට මෙතෙක් පැවති අඩුවක් හෙට සම්පූර්ණ වනවා. ඒ ජාතික චිත‍්‍රපට රූපවාහිනී සහ ශබ්ද පට සංරක්‍ෂණාගාරයක් විවෘත කිරීමෙන්. මෙවැනි සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව කාලයක් තිස්සේ බොහෝ දෙනා පෙන්වා දුන්නා. එහි ප‍්‍රමුඛයෙක් වන්නේ සම්මානනීය සිනමාවේදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතායි. ඒ මහතාගේ ඡුන්ම දිනය හෙටට යෙදී ඇති අතර අභිනව සංරක්‍ෂණාගාරයේ විවෘත කිරීම ද හෙටට යොදාගෙන තිබෙන්නේ ඔහුට උපහාරයක් වශයෙන්. 
දියුණු සිනමාවක් සහිත බොහෝ රටවල චිත‍්‍රපට රූපවාහිනී සහ ශබ්ද පට සංරක්‍ෂණාගාරයක් රාජ්‍ය අනුග‍්‍රහයෙන් පවත්වාගෙන යනවා. ඊට අදාළව එම රටවල නීති පවා පනවා තිබෙන බවයි ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා කියාසිටියේ. එහෙත් එවැනි සංරක්‍ෂණාගාරයක් හෝ නීති නොමැතිවීම නිසා ශී‍්‍ර ලංකාවේ නිර්මාණය කෙරෙනු බොහෝ චිත‍්‍රපට දැන් සොයා ගැනීමට පවා නොමැතිවී තිබෙනවා. හෙට විවෘත කෙරෙන අභිනව සංරක්‍ෂණාගාරයත් සමග එම තත්වය වෙනස කිරීමට අපේක්‍ෂිතයි. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු සතුව චිත‍්‍රපටයක් මුල් පිටපතක් තිබෙනම් ඒවා තමන වෙත භාරදෙන්නැයි ඉල්ලීමක් ද කෙරුණා.
ශී‍්‍ර ලංකාවේ නිර්මාණය කෙරුණු ඇතැම් විශිෂ්ඨ චිත‍්‍රපටවල පිටපත් දැන් ඉතිරිව තිබෙන්නේ විදෙස් රටවල පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. නමුත් වැඩිපුර මුදල් ගෙවා හෝ එම චිත‍්‍රපට නැවත ලබාගැනීමට කටයුතු කරන බව අශෝක සේරසිංහ මහතා කියාසිටියා.
මේ අතර මෙම අභිනව චිත‍්‍රපට රූපවාහිනී සහ ශබ්ද පට සංරක්‍ෂණාගාරයේ විවෘත කිරීමට සමගාමීව ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් සිනමාවලෝකනය නමින් ප‍්‍රදර්ශනයක්ද සංවිධාන කර තිබෙනවා. ඒ ජාතික ලේඛණාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින්. අදාළ සංරක්‍ෂණාගාරයද එම දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේම පිහිටුවා තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »