Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලෝක තරුණ සමුළුවේ නිල ගීතය එළිදැක්වෙයි

Friday, April 04, 2014

ලබන මැයි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුව වෙනුවෙන් නිර්මාණය කෙරුණුු ගීතයක් ඊයේ එළිදැක්වුණා. ඒ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදීයි. සිඩ්නි චන්ද්‍රෙස්කර විසින් රචනා කර ඇති මෙම ගීතය සංගීත් වික්‍රමසිංහ විසින් සංගීතවත් කර තිබෙනවා. එය ගායනා කරන්නේ සිරස සුපර් ස්ටාර් 6 වන අදියරේ ගායක ගායිකාවන් විසින්. 
ලෝක තරුණ සමුළුවේ සමාරම්භක උත්සවය හම්බන්තොටදී මැයි මස 6 වනදා පැවැත්වෙනවා. එම සමුළුව පැවැත්වෙන්නේ මැයි මස 7,8 සහ 9 යන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. සමාප්ති උත්සවය මැයි මස 10 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. රටවලු 196 න් නියෝජිතයන් ඊට සහභාගීවීමට නියමිතයි.


තවත් කලා පුවත්

Previous
Next Post »