Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

විනූ උදානි වැටක් උඩ

Wednesday, April 30, 2014
තමන්ට පෙම්වතෙක් සිටින බව විනූ උදානි පවසනවා. ශ්‍රී ලාංකික රූ රැජිණක් වීමෙන් රටම හදුනාගත් ඇය දැන් ජනප්‍රිය රංගන ශිල්පිණියක්. තම පෙම්වතා විදෙස්ගතව සිටින්නෙක් බව ද ඔහු තමන් විසින් තෝරාත්තෙකු නොව මව්පියන්ගේ යොජනාවකින් තමන් හදුනාගත්තෙකු බවද විනූ කියා සිටියා. එමෙන්ම මෙම සම්බන්ධය විවාහයක් දක්වාම දුරදිග යාමට මෙන්ම සමහරවිට අතරමගදී කැඩී බීඳී යාමට ද ඉඩ තිබෙන බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ. ඔහු විදේශගතව සිටින නිසා හමුවීමට අවස්ථාවක් නොමැති බව ද දැනට දෙදෙනා අතර සියළු කථාබහ සිදුවන්නේ දුරකථනයෙන් පමණක් බව ද විනූ කියා සිටියා. එහෙත් එවැනි දුරකථන සංවාදවලින් පමණක් කෙනෙකු නිවැරදිව හදුනාගැනීමට නොහැකි බවයි ඇගේ අදහස. ඒ නිසා විවාහය හෝ සම්බන්ධය නතර කිරීම ගැන තීරණයක් ගැනීමට සිදුවන්නේ ඔහු ලංකාවට පැමිණීමෙන් පසුව බව ද ඇය පැවසුවා. කෙසේවෙතත් විවාහය සදහා ඔහුම තෝරගත්තත් සිය විවාහය නම් තවත් වසර 02ක 03ක් වත් යනකං සිදු නොවන බව ද විනූ කියාසිටියා. 

තවත් කලා පුවත්

Previous
Next Post »