Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බොලිවුඩ් නළුවෙකු නිරූපිකාවක් කෙලෙසයි

Saturday, April 26, 2014
නිරූපිකාවකට පහර දී ඇය දූෂණය කළේ යැයි සැකපිට බොලිවුඞ් රංගන ශිල්පියෙකු වන ඉන්දර් කුමාර් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය පවසන්නේ චිත‍්‍රපටයක රඟපෑමට අවස්ථාවක් ලබාදෙන බව පවසමින් ඔහු එම නිරූපිකාව රවටා ඇති බවයි.
ඉන්දර් කුමාර් සිය නිවසට පැමිණෙන්නැයි මීට ඉහත අවස්ථාවකදී අදාළ නිරූපිකාවට ආරාධනා කර තිබෙනවා. ඒ අනුව සිය නිවසට පැමිණි එම නිරූපිකාවට ඔහු මත්පැන් බෝතලයකින් දමා ගසා ඇතැයි ද ඇගේ සිරුර දුම්වැටියකින් පුළුස්සා ඇතැයිද සඳහන්. ඒ බව තහවුරු කෙරෙන පිළිස්සුම් තුවාල ද ඇගේ සිරුරේ දක්නට ඇතැයි පොලිසිය උපුටා දක්වමින් හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය කියා සිටියා. කෙසේවෙතත් අදාළ නිරූපිකාව උපක‍්‍රමශීලිව එම නිවසින් පිටව විත් තමන්ට සිදුවූ හිරිහැරය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව ඉන්දර් කුමාර් ද පොලිසියට කැඳවා ඇති අතර, එහිදී සිද්ධිය සමථ කෙරුණු බවයි සඳහන් වන්නේ. 
තමන්ගෙන් වූ වරදට සමාව ඉල්ලීම සඳහා නැවත වරක් සිය නිවසට පැමිණෙන්නැයි ද ඉන්දර් කුමාර් අදාළ නිරූපිකාවට ආරාධනා කර තිබෙනවා. ඒ අනුව ඇය නැවත වරක් ඔහුගේ නිවසට ගොස් ඇති අතර, ඇය දූෂණයට ලක්ව තිබෙන්නේ එම අවස්ථාවේදීයි. චෝදනාවට ලක්ව සිටින ඉන්දර් කුමාර් මාසූම්, කිලාඩි ඔන්කා කිලාඩි, අග්නිපත්, ආර්යන් සහ වෝන්ටඞ් ඇතුළු චිත‍්‍රපට ගණනාවක රංගනයෙන් දායක වී තිබෙනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »