Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශෙක්ස්පියර්ගේ "හැම්ලට්" ශ්‍රී ලංකාවෙන් රිදී තිරයට

Saturday, April 26, 2014
මහා කවි විලියම් ශෙක්ස්පියර්ගේ "හැම්ලට්" වේදිකා නාට්‍ය සිනමාවට නැගීමට ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු සූදානම් වනවා. ඒ ශ්‍රී ලංකාවේ ශේක්ස්පියර් කේන්ද්‍රයේ සභාපති ඔබිනාමුනි ගාමිණි ද සිල්වා විසින්. මෙම සිනමා නිර්මාණයේ පිටපත මෙන්ම අධ්‍යක්ෂණය ද ඔහුගෙන්. හැම්ලට්ගේ චරිතය හාන්ස් බිලී මොරියා විසින් ද සෙසු ල්‍රධාන චරිත වන ක්ලෝඩියස්ගේ සහ පොලෝනියස්ගේ චරිත පිළිවෙලින් ජීවන් කුමාරතුංග සහ රෙක්ස් කොඩිප්පිලි විසින් ද නිරූපණය කරනවා. මෙහි සමාරම්භක උත්සවය බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී ඉකුත්දා පැවැත්වුණා. ඔබිනාමුනි ගාමිණි ද සිල්වා එහිදී කියාසිටියේ විලියම් ශේක්ස්පියර්ගේ 450 වන ජන්ම දිනය වෙනුවෙන් මෙම නිර්මාණය සිදුකරන බවයි.

තවත් කලා පුවත්

Previous
Next Post »