Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

තිහ පැන්න ප්‍රියංකා උපන්දිනය සැමරූ හැටි

Saturday, July 19, 2014
බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ උපන් දිනය ඊයේ යෙදී තිබුණා. මේ ඇගේ 32 වන උපන්දිනයයි. හැබැයි වෙන වසරවල වගේ මෙවර සිය උපන්දිනය පවුලේ උදවිය සමග සමරන්න ප්‍රියංකාට අවස්ථාවක් ලැබුණේ නැහැ. සොයා අක්තාර්ගේ නවතම චිත්‍රපටයක රූගතකිරීම් සදහා කාර්‍යබහුල වී සිටීම ඊට හේතුවයි. මෙම රූගතකිරීම් සිදුකෙරෙන්නේ තුර්කියේ ගම්බද ප්‍රදේශයක. කෙසේවෙතත් වැඩකරමින්ම උපන්දිනය සැමරීමට ලැබීම අපූර්ව අත්දැකීමක් බවයි ප්‍රියංකා කියාසිටියේ. තමන් දවසෙන් පැය 12 ක් විතරම ගතකළේ දැඩි හිරු රශ්මිය යට බෝට්ටුවක බව ද ඇය කියා සිටියා. මෙම උපන්දිනයේ පුාර්ථනා මොනවාදැයි කෙරුණු විමසීමකදී ඇය පැවසුවේ තමන් ආදරය කරන සියළු දෙනාට සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ජීවිතයක් ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි. 
මේ අතර Facebook හා Twitter වැනි සමාජ වෙබ් අඩවි වලින් ප්‍රියංකාගේ රසිකයන් ඇයට සුභ උපන්දිනයක් සදහා සුභපතා තිබුණා. ඒ සියළු දෙනාට සිය හඳ පිරි ස්තුතිය පුදකරන බවයි ප්‍රියංකා තැබූ Facebook සටහනක් දැක්වෙන්නේ.

ප්‍රියංකා වෙනුවෙන් ඇගේ රසිකයන් තැබූ සටහන් කිිපයක් මේ. 







තවත් කලා පුවත්

Previous
Next Post »