Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගයාත්‍රි වයසට ගිහිං

Friday, July 18, 2014
රංගන ශිල්පිණියක, විලාසිතා නිර්මාණ ශිල්පිණියක, නිවේදිකාවක මෙන්ම රූපලාවන්‍ය ශිල්පිණියක ද වන ගයාත්‍රී ඩයස් යළිත් අම්මා කෙනෙක් වෙලා. කොන්ඩෙත් ඉදිලා ඇය වයසටත් ගිහිං. හැබැයි මේ හැමදේම වෙලා තියෙන්නේ සැබෑ ජිවිතේදි නම් නෙමෙයි. ජෝශප් ජෙරම් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "කවිත්‍රා" ටෙලි නාට්‍යයේදීයි.  මෙම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතක් නිරූපණය කරන අමීෂා කාවින්දිගේ මව ලෙස ගයාත්‍රී පෙනීසිටිනවා. අධ්‍යක්ෂවරයා නම් තිරණය කර තිබුණේ ඇගේ සාමාන්‍ය ස්වරූපයෙන්ම ඇය අදාල චරිතය සදහා යොදා ගැනීමටයි. එහෙත්, ඇතැම් කොණ්ඩ ගස් සුදු කර මුහුණු තරමක් රැළි ගන්වා තමන් එම චරිතයට යොදාගැනීම වඩා සුදුසු බව ගයත්‍රී ප්‍රකාශ කර තිබෙනවා. වේශ නිරූපණ ශිල්පියා සමග ද සාකච්ඡා කර අධ්‍යක්ෂවරයාද පසුව ඊට එකඟ වූ බවයි ගයාත්‍රි අප සමග කියා සිිටියේ. තවද එවැනි වේශනිරූපණයක් කිරීමෙන් අදාල චරිතට ආරූඪ වීම වඩා පහසු වූ බවත් ඒ අනුව සිය රංගන වඩා තාත්වික් වූ බවත ඇය අප සමග කියා සිටියා. 
සමහර රංගන ශිල්පිණියන් නම් වයසට වඩා වයසට යන්න අකමැතියි. කොච්චර වයසට ගියත් පෙම්වතියගේ චරිතයම නිරූප්‍යන කරන් තමයි ඔවුන්ගේ උත්සහය. ගයාත්‍රි උණත් මෙච්චර කල් නිරූපණය කළේ පෙම්වතියගේ, පෙම්වතියගේ හෝ පෙම්වතාගේ සොහොයුරියකගේ නැතහොත් මිතුරිගේ චරිතයයි. "පබලු" ටෙලිනාට්‍යයේදී පමණක් ඇය මවකගේ චරිතය නිරූපණය කළා. ඒත් ඊටත් වඩා වයසක චරිතයක් රඟපාන්න තමන් සූදානම් බවයි ගයත්‍රි අප සමග කියාසිටියේ. ඊට ගැලපෙන පරිදී වඩා වයස්ගත හෝ කැතවන පරිදී සිය පෙනුම වෙනස් කරගැනීමටද සූදානම් බව අැය කියා සිටියා.  





තවත් කලා පුවත්

Previous
Next Post »