Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උදයන්තිගේ හිත ගිය පිරිමින්

Saturday, July 19, 2014
පසුගිය වකවාණුවේ පිරිමින් කිහිපදෙනෙකුටම හිත ගිය බව රංගන ශිල්පිණී උදයන්ති කුලතුංග පවසනවා. ඒත් ඒ හැමෝම සිහින ලෝකවල ජීවත්වන්නන් බවයි "රිවිර" සති අන්ත පුවත්පතේ "රිවිසරසි" අතිරේක සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කර සිටියේ. එහෙම පිරිමින් සමඟ විවාහ වනවාට වඩා තනිකඩව සිටීම හොඳ බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. පිරිමියෙක් උණාම පොළවෙ පය ගහල ජීවත්විය යුතු බව ද ප්‍රකාශ කෙරුණා. තමන් විවාහයට තෝරාගන්නා පිරිමියා තමන්ව තේරුම්ගත යුතු බවත් තමන්ව හොදින් රැකබලාගත යුතු බවත් උදයන්ති පවසනවා. එමෙන්ම එම පිරිමියාගෙන් තමන් ගොඩක් ආදාරයද බලාපොරොත්තු වන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. එහෙම කෙනෙක් නොලැබුණොත් කවදවත් විවාහ නොවී ඉන්න බව ද ඇය ප්‍රකාශ කළා.
මේ අතර කලා ලෝකයේ ඇතිවන සමහර සම්බන්ධතා ආදරය නොව ආසාවක් බවයි උදයන්තිගේ අදහස. එවැනි සම්බන්ධතා ඉක්මනින් බිඳවැටෙන්නේ ද ඒ නිසා බව ඇය කියා සිටියා. තවද අනියම් සම්බන්ධතා දැන් සාමාන්‍යකරණය වී ඇතැයි ද ටෙලි නාට්‍ය හා චිත්‍රපට වලින් පවා දැන් කථ කෙරෙන්නේම  ඒ ගැන බවද ප්‍රකාශ කෙරුණා.












තවත් කලා පුවත්

Previous
Next Post »