Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"සිරිපැරකුම්" හොරු අරන්

Monday, July 21, 2014
ඉකුත් සමයේ ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් "සිරිපැරකුම්" චිත්‍රපටය නීතිවිරෝධිව තැටිගත කර අලෙවි කිරීමේ ජාවාරමක් පොලීසිය විසින් හෙළිකරගෙන තිබෙනවා. මීරිගම නගරයේ වීඩියෝ අලෙවිසැලකදීයි මෙම ජාවාරම සිදුව තිබෙන්නේ. "සිරිපැරකුම්" චිත්‍රපටය නීතිවිරෝධීව තැටිගත කර තිබූ සංයුක්ත තැටි 25 ක් එහිදී සොයාගැණුනා. සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. 
මේ අතර මේ දිනවල සාර්ථකව තිරගත වන "කොස්තාපල් පුංඤ්ඤසෝම" චිත්‍රපටය ද මෙලෙස නීතිවිරෝධීව තැටිගත කර අලෙවි කිරීමේ ජාවාරමක් මීට පෙර හෙළි කරගැණුනා. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි "කලාපූර්" වාර්තා කළේ.

තවත් කලා පුවත්

Previous
Next Post »