Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

​සමනලී දේශපාලනයට ?

Wednesday, July 23, 2014
සමනලී ෆොන්සේකා යනු රංගන ශිල්පිණයක් ලෙසය මෙතෙක් කල් අප දැනගෙන සිටියේ. එහෙත් ඒ හදුනාගැනීම වෙනස් කරවන සුළු සම්මුඛ සාකච්ඡාවක් ඇය ඉකුත්දා "රාවය" පුවත්පතට ලබාදී තිබුණා. එහිදී සමනලී සිය අදහස් පළකර තිබුණේ රංගන ශිල්පිණියක් ලෙස නෙමෙයි බොහෝම පරිණත සමාජ විශ්ලේෂිකාවක නැතහොත් දේශපානඥවරියක් ලෙසයි. ප්‍රදේශ කිහිපයක මෑතදී ඇතිවූ ආගම්වාදී ගැටුම් මෙම අදහස් දැක්වීමට පාදක වී තිබුණා. 

"අදාළ ගැටුම්වලට හේතුව ඇතැම් නායකයන් සහ බුද්ධිමතුන් යැයි පිළිගත් සමහර අය සිංහල බෞද්ධයන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පෙන්වාදීමයි. ඒත් එවැනි අසාධාරණයක් සිදුව තිබෙනවා නම් බුද්ධිමතුන් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ආවේගශීලීව නෙවෙයි. සිදුව ඇති අසාධාරණයන්ට එරෙහිව නීතියේ පිහිට පැතිය යුතු වනවා. ඒත් ඔවුන් කියනවානම් නීතිය ඉදිරියට ගියත් උත්තරයක් ලැබුණේ නෑ කියලා එහෙමනං පෙනීයන්නේ නීතිය දූෂිත බවයි. එසේනම් කළ යුත්තේ පළමු ර්‍පහාරය එල්ල කළ යුත්තේ රජයට. නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නැයි රජයට බලපෑම් කළ යුතු වනවා. 
ඊළඟට මේ රටේ අන්තවාදීන් හෝ ත්‍රස්ථවාදීන් ඉන්නා බව කියනවනම් කළ යුත්තේ ද රජය දැන්වති කිරීමයි. ලෝකයේ භයානම ත්‍රස්ථවාදය පරාජය කළ හමුදාවය හා බුද්ධි අංශයයි අපට ඉන්නේ. ඔවුන් ලවා ඔය කියන අන්තවාදීන් හා ත්‍රස්ථවාදීන් ගැන සොයාබැලිය යුතුයි. එහෙම නැතිව නීතිය අතට ගන්න කාටවත් අයිතියක් නැහැ. "

මෙම කරුණු දැක්වීම කියවද්දි ඇතැම් කෙනෙකුට හිතන්න පුළුවං මීට පෙර ඇතැම් රංගන ශිල්පීන් හා රංගන ශිල්පිණියන් කලා වගේ සමනලීත් මේ ලෑස්තිවෙන්නේ දේශපානයට පිවිසනේනවත් ද කියලත්.

තවත් කලා පුවත්

Previous
Next Post »