Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සුමින්ද සිරිසේනයන්ට උපහාර

Thursday, July 31, 2014
සිය රංගන ප්‍රතිභාවෙන් රසික සිත් නොමදව දිනාගත් සුමින්ද සිරිසේන ශූරීන්ට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ (ජුලි 31) පැවැත්වුණා. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදීයි. කලා ශිල්පීන් බෙහෝ දෙනෙකු සහභාගී වූ මෙම උත්සවයේදී සුමින්ද සිරිසේනයන් වෙත මුදල් තිළිණයක් හා උපහාර කුසලානයක් ද පිරිනැමුණා. ඒ තවත් ප්‍රතිභපූර්ණ රංගන ශිල්පියෙකු වන ජයලත් මනෝරත්නයන් අතින්.
වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරය ද ජයගත් සුමින්ද සිරිසේනයන් මේ වනවිට ඉන්නේ රෝගාතුරවයි. දවසේ වැඩිකාලයක් ඔහු ගෙවන්නේ ද රෝද පුටුවක් මතත මෙවැනි උපහාර උළෙලක් ඔහු වෙනුවෙන් සංවිධාන කෙරුණේද ඒ බව සැලකිල්ලට ගෙනයි. "කලාපූර්" අපද ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »