Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සුනිල් හෙට්ටිආරච්චි යළිත් රෝහල්ගත කෙරේ

Tuesday, July 29, 2014
රසික මුව සිනහවෙන් පිරවූ විකට නළුවෙකු වූ සුනිල් හෙට්ටිආරච්චි නැවත වරක් අසාධ්‍ය ලෙස රෝගී වී සිටිනවා. මීට පෙරත් මෙලෙස අසාධ්‍ය ලෙස රෝගාතුරව රෝහල්ගතව සිටි ඔහු තරමක සුවයක් ලබා නිවස කර පිටව ගියත් දැන් නැවතත් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටින බවයි "කලාපූර්" වෙත වාර්තා වුණේ. සුනිල් හෙටිටිආරච්චි මෙලෙස පීඩා විදින්නේ පාකින්සන් රෝගයෙන් බව වෛද්‍යවරුන් පවසනවා. අතීතය අමතක වීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයක්. ඔහුගේ සිරුරද ක්ෂය වී ගොස්. වචන එක දෙකක් හෝ කථාකරන්නේ ද අසීරුවෙන් ගැටගසා ගනිමින්. ඔහුට දැන් ඇති එකම සහනය සිය හිතමිතුරන් තමන් වටේ රොක් වී සිටිනු. ඔබත් ඔහුගේ අපූර්ව රංගනයෙන් සිනාසුන අයෙකු වන්නට ඇත. එසේනම එක විනාඩියකට හෝ කොළඹ ජාතික රෝහලට ගොස් ඔහුගේ සැප දුක බලා එන්න. එය ඔහුට ශක්තියක් වනු ඇත.




තවත් කලා පුවත්

Previous
Next Post »