Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගාමිණි ෆොන්සේකා ළගදීම යළි රිදී තිරයට

Monday, September 29, 2014
සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා රගපෑ මෙතෙක් තිරගත නොවූ චිත්‍රපටයක් නැරඹීමට ළගදීම ඔබට අවස්ථාවක් උදාවෙව්. දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටය "අපායේ තත්පර 7700ක්". එය නිර්මණ කෙරුණේ මීට පෙර තිරගත කෙරුණු "අපායේ තත්පර 84000ක්" චිත්‍රපටයේම දිඟුවක් ලෙසයි. 1994 දී එහි සියළු නිෂ්පාදන කටයුතු අවසන් කෙරුණා. අසීමිත මහජන ප්‍රදර්ශනය සදහා ඊට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන්  අවසර ද ලැබුණු බවයි දිනේෂ් ප්‍රියසාද් "කලාපූර්" වෙත කියා සිටියේ. එසේ තිබියදීත් මෙම චිත්‍රපටය වසර 20 ක් තිස්සේ තවමත් තිරගත නොවුණේ එක්තරා රාජ්‍ය බැංකුවක් තමන්ට එරෙහිව අපරාධ නඩුවක් පවරා තිබීම නිසා බව ද ඔහු කියා සිටියා. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සදහා ලබාගත් රුපියල් ලක්ෂ 10ක ණයක් ආපසු ගෙවීම පැහැර හැරියේයැ යි අදාළ නඩුව පවරා තිබුණා. එහි  තීන්දුව මීට සති කිහිපයකට පෙර ප්‍රකශ කෙරුණු අතර එයින් නියෝග කෙරුණේ විත්තිකාර දිනේෂ් ප්‍රියසාද් නිදොස් කර නිදහස් කිරීමටයි. ඒ අනුව  "අපායේ තත්පර 7700ක්" රිදී තරයට රැගෙන ඒමේ අවස්ථාව ඔහුට දැන් නැවත උදාවී තිබෙනවා. එහෙත් ඒ සදහා ඉහත බැංකුවෙන්ම තමන් විසින් අයදුම් කරන ලද ණය මුදලක් තමන්ට ලැබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. වසර 20 ක් ප්‍රමාද වුව ද මෙම චිත්‍රපටය එදාටත් වඩා අදට ගැලපෙන බව ද එහිදී ප්‍රකාශ කෙරුණා. 




තවත් කලා පුවත්

Previous
Next Post »