Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පැරණි උන්මාදයට අයෙත් පණ එයි - අළුත්ම අළුත් චිත්‍රකතා පත්තරයක්

Saturday, September 20, 2014
චිත්‍රකතා පුවත්පත් යනු කලකදී ශ්‍රී ලංකාවේ පැවති උන්මාදයක්. 70 දශකයේ ඇරඹී මෙම පුවත්පත් කළාව උච්චම ස්ථානයට එලැබෙන්නේ 1975 දී එළිදැක්වුණු සිත්තර හා 1980 දී එළිදැක්වුණු සත්සිරි පුවත්පත් සමඟයි. එවායෙන් හමුවූ චරිත එකී පුවත්පත් පරිශීලනය කළ එවක තරුණ වියේ සිටි පාඨකයන්ට තවමත් වීරයන් වනවාට සැක නැහැ. කෙසේවෙතත් 90 දශකයේ මැද භාගය පමණ වනවිට චිත්‍රකථා පුවත්පත් ක්‍රමයෙන් අභාවයට ගියා. එලෙස අභාවයට ගිය මෙම අපූර්ව කළාවට නැවත පණ දීමටයි "චිරත් මීඩියා ප්‍රකාශකයන්" දැන් සූදානම් වන්නේ. අළුත්ම අළුත් චිත්‍රකතා පුවත්පතක් ඔවුන් ඉකුත්ද එළිදැක්වූවා. ඒ "රිසිරස" නමින්. චිත්‍රකථා කළාවේ ප්‍රමුඛයන් වූ කිහිපදෙනකුම මේ පුවත්පත් සමග නැවත චිත්‍රකතා කරනයට පිවිසීමට නියමිතයි. බලංගොඩ සරත් මධූ, විල්ටන් රාජපක්ෂ, ආරියසිරි කොඩිතුවක්කු සහ සුසිල් ජයශාන්ත ඔවුන්ගෙන් කිහිපදෙනෙක්. පහත දැක්වෙන්නේ මෙම පුවත්පතට ඇතුලත් චිත්‍රකතා සහ ඒවායේ රචකයන් පිළිබඳ කෙටි සටහනක්.

  • ගයාෂාන් ඇල්පිටිය - තක්කඩි
  • රවී වික්‍රමතුංග - රුවැත්තී
  • සුසිල් ජයශාන්ත - මැඩී
  • බලංගොඩ සරත් මධු - අත්සන
  • අසිත දහනායක - ශ්‍රී රාවණ
  • පාලිත ජනරංජන - චොක්කාගේ පට්ට ප්‍රේමේ
  • අනුර විජේවර්ධන - රාජිණී
  • සාලිය ලියනාරච්චි - සොපියා
  • කුසුම් මංගලිකා - කදුලට කදුලක්
  • විජය කීර්ති - සුදේහනී
  • රත්නසිරි මුණසිංහ - හංස කුමාරි
  • විල්ටන් රාජපක්ෂ - මරණයේ සළකුණ
  • ආරියසිරි කොඩිතුවක්කු - කලු ගිණි දැල්
  • කුමුදු තාරක - ලව් ඔෆ් සෝන්ග්

තවත් කලා පුවත්

Previous
Next Post »