Uncategories
ඕපදූප බොරු - මම විවාහ ගිවිස ගත්තේ නෑ
ඕපදූප බොරු - මම විවාහ ගිවිස ගත්තේ නෑ
ඉන්දියාවෙන් ආවත් පූජා උමාශංකර් ශ්‍රි ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ද ආදරය නොමදව දිනාගෙන සිටිනවා. අැය කාටත් හොර රහසේ ඉකුත්දා විවාහ ගිවිසිගෙන ඇතැයි මේ වනවිට අන්තර්ජාලයේ ප්‍රවෘත්ති පළවනවා. ඒත් ඒ පිළිබඳ කළ වීමසීමකදී පූජා කියා සිටියේ තමන්ට විවාහවීමට හෝ විවාහ ගිවිස ගැනීමට වෙලාවක් නොමැති බවයි. තමන් ශ්‍රී ලාංකිකයෙකු සමග විවාහ වීමට කැමැත්තෙන් සිටින බව මුලින් ඉදන්ම කියාසිටි බවත්, ඒත් විවාහය හෝ විවාහ ගිවිසගැනීමට තරම් තමන්ට මේ දිනවල වේලාවක් නැතැයි ද ඇය කියා සිටියා. කෙසේවෙතත් තමන් කිසියම් තැනැත්තකු සමග සමීප ඇසුරක් පවත්වගෙන යන බවයි පූජා වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර ඉහත දී අන්තර්ජාලයේ ප්‍රවෘත්ති වලට අනුව පූජා විවාහ ගිවිසගෙන ඇත්තේ දීපක් ශන්මුගනාදන් නමැත්තෙකු සමගයි. මේ දෙදෙනා එක්වි සටි ලබාගත් ඡායාරූප සමහරක් ද ප්‍රසිද්ධ වී තිබෙනවා. දීපක් ශන්මුගනාදන්ගේ Facebook පිටුවේද එම ඡායාරූප ඇතුලත්. පහත දැක්වෙන්නේ ඒවායෙන් කිහිපයක්.
EmoticonEmoticon