Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජයලලිතා වෙනුවෙන් චිත්‍රපටයක් - ජයලලිතා වෙනුවට රාගිනී

Monday, October 06, 2014
තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා චිත්‍රපටයක් නිර්මාණ වෙමින් තිබෙනවා. ඒ දෙමළ, හින්දි, තෙළිඟු සහ මළයාලම් වැනි භාෂා කිහිපයක එකතුවක් ලෙසයි. මෙම චිත්‍රපටයට "අම්මා" ලෙස නම යොදා තිබෙනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ ෆයිසාල් සායිෆ් විසින්. එහිදී ජයලලිතා ජයරාම්ගේ චරිතය නිරූපණය කිරීමට රාගිනී ද්වීදි (Ragini Dwivedi) තෝරාගෙන තිබෙනවා. රූගත කිරීම් ද මේ වනවිට ආරම්භවී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. බොහෝවිට ලබන වසරේ මුල් මාස කිහිපය ඇතුලත මෙම චිත්‍රපටය තිරගත කිරීමට ද හැකිවනු ඇතැයි විශ්වාසය පළවනවා. 

ජයලලිතා ජයරාම්

1948 පෙබරවාරි මස 24 දා උපන් ජයලලිතා ජයරාම් කලක් දකුණු ඉන්දීය සිනමාවේ සිටි ආකර්ශනීය රංගන ශිල්පිණියක් වුණා. Pattikada Pattanama, Galatta Kaiyanam, Vairam, Nam Nadu, Kavalkaran, Adimai Penn ඇය රගපෑ චිත්‍රපට කිහිපයක්. Suryakanthi සහ Sri Krishna Satya යන චිත්‍රපටවල රගපෑම වෙනුවෙන් ඇය Filmfare සිනමා සම්මන උළෙල වලදී හොදම රංගන ශිල්පිණියට හිමි සම්මානයද දිනාගත්තා. පසුව දේශපාලනයට පිවිසි ජයලලිතා ජයරාම් මේ වනවිට AIADMK පක්ෂයේ නායිකාවයි. අවස්ථා තුනකදී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ලෙස පත්වීම් ලැබීමට ද ඇය සමත් වුණා. කෙසේවෙතත් මේ වනවිට ඇය සිටින්නේ සිව් වසරක සිර දඩුවමක් විදිමින්. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ලෙස සිය පළමු ධුර කාලයේදී අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් වරදකාරියක වීම නිසා බැංග්ගලෝර් මහාධිකරණය විසින් ඇයට එම සිර දඩුවම් නියම කෙරුණා.


රාගිනී ද්වීදි (Ragini Dwivedi) 

"අම්මා" චිත්‍රපටයේදී ජයලලිතා ජයරාම්ගේ චරිතය නිරූපණය කරන රාගිනී මේ වනවිට 24 වන වියේ පසුවන්නියක්. Veera Mahahari චිත්‍රපටයෙන් 2009 දී සිනමා රංගනයට පිවිසි ඇය ශ්‍රී ලංකාවේ ද ජනප්‍රියත්වයට පත් ප්‍රභූ දේවාගේ R. Rajkumar හින්දි චිත්‍රපටයේදී රගපෑවා. Kempegowda, Kalla Malla Sulla සහ Kaanchaana රාගිනී රගපෑ තවත් චිත්‍රපට කිහිපයක්.








තවත් කලා පුවත්

Previous
Next Post »