Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Hiru Golden Film Awards සම්මානලාභීන්

Sunday, October 26, 2014
Hiru Golden Film Awards සිනමා සම්මාන උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩංගනයේදී ඊයේ (ඔක්තොම්බර් 25) නිමාව දුටුවා. ශ්‍රී ලාංකික සිනමා තාරකා මෙන්ම ක්‍රීඩා තාරකා සහ බොලිවුඩ් තාරකාවලද සහභාගීත්වයෙනුයි මෙම සම්මාන උළෙළ පැවැත්වුණේ. විචිත්‍ර නර්තනාංග කිහිපයකින්ද එය වර්ණවත් වුණාත සම්මාන පිරිනැමුණේ ජනප්‍රිය සහ ජුරියේ විනිශ්චය ලෙස ප්‍රධාන ඛාන්ඩ දෙකක් යටතේයි. 2012 සහ 2013 යන වසරවල තිරගත වුණු වෘතාන්ත හා කෙටි චිත්‍රපට ඒ සදහා සලකා බලා තිබුණා. සම්මාන ලාභීන්ගේ ලේඛනය පහත පරිදීයි.


ජනප්‍රියම නළුවා - අඛිල ධනුද්දර (සිරිපැරකුම්)
ජනප්‍රියම නිළිය - යශෝධා විමලධර්ම (සමනල සංධ්වනිය)
ජනප්‍රියම ළමා ශිල්පියා - ප්‍රමුදිත උදය කුමාර
ජනප්‍රියම ගීතය - ඉකි ගසා හඩන (සමනල සංධ්වනිය)
ජනප්‍රියම චිත්‍රපටය - සිරිපැරකුම්

හොදම නළුවා - දර්ශන් ධර්මරාජ් (ඉනියවන්)
හොදම නිළිය - චාන්දනී සෙනවිරත්න (නිකිණි වැස්ස)
හොදම සහය නළුවා - අෂාන් ඩයස් (සිරිපැරකුම්)
හොදම සහය නිළිය - නිරංජනී ෂන්මුගරාජා (ඉනියවන්)
හොදම නැගී එන නළුවා - ජගත් මනුවර්ණ (නිකිණි වැස්ස / කර්ම)
හොදම නැගි එන නිළිය - සුලෝචනා වීරසිංහ (නිකිණි වැස්ස)

හොදම අධ්‍යක්ෂණය - අශෝක හදගම (ඉනියවන්)
හොදම කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා (කර්ම)
හොදම සංස්කරණය - අජිත් රාමනායක (ඉනියවන්)
හොදම තිර රචනය - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)

හොදම පසුබිම් ගායකයා - අමරසිරි පීරිස් (ඉකි ගසා හඩන - සමනල සංධ්වනිය)
හොදම පසුබිම් ගායිකාව - උරේෂා රවිහාරි (ජල ධාරා - කුස පබා)
හොදම ගීත රචනාව - අමිල තේනුවර (ඉකි ගසා හඩන - සමනල සංධ්වනිය)

හිරු ජීවන ප්‍රණාම සහ හිරු උත්තමාචාර ලෙස ප්‍රණාම සම්මාන දෙකක්ද මෙහිදී පිරිනැමුණා. හිරු ජීවන ප්‍රණාම සම්මානය පිරනැමුණේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියටයි. හිරු උත්තමාචාර සම්මානය අභාවප්ප්‍රාප්ත කැමරාශිල්පී ඇන්ඩෘෘ ජයමාන්න මහතාට පිරිනැමුණා.






තවත් කලා පුවත්

Previous
Next Post »