Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ටෙලි නාට්‍ය පෙන්නන්නත් ලිංගික අල්ලස් ?

Saturday, November 15, 2014
රාජ්‍ය රූපවාහිනී නාලිකාවල ටෙලි නාට්‍ය ප්‍රදර්ශනය කරවා ගැනීම සදහා විෂය භාර අමාත්‍යවරයාට මුදල් හා ලිංගික අල්ලස් ලබාදීමට නිෂ්පාදකවරුන්ට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා චෝදනා කරනවා. මන්ත්‍රීවරයා එම චෝදනාව කළේ අයවැය තුනවර කියවීමේ විවාදයේදී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ වැය ශිර්ෂය ඊයේ (නොවැම්බර් 14) විවාදයට ගැණුනු අවස්ථාවේයි. කෙසේවෙතත් රාජ්‍ය රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනය කිරීම සදහා ටෙලි නාට්‍ය තෝරගැනීම සිදුවන්නේ කිසියම් මණ්ඩලයක් විසින් බව මීට පිළිතුරු දෙමින් විෂය භාර අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියා. එකී මණ්ඩලයෙන් අසමත් වූ එකම ටෙලි නාට්‍යක් හෝ කිසියම් රාජ්‍ය රූපවාහිනී නාලිකාවක ප්‍රදර්ශනය වී ඇතැයි ඔප්පු කළහොත් තමන් සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. අමාත්‍යවරයා එසේ කියද්දීත් සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා දිගින් දිගටම සිය චෝදනාව ඉදිරිපත් කළ අතර ලබාදීමට සිදුව ඇති මුදල් අල්ලස එක් කොටසක් සදහා රුපියල් 50.000 ක් බව ද පැවසුවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

තවත් කලා පුවත්

Previous
Next Post »