Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රිතීක්ගේ විවාහය ඉවරයි - දික්කසාදය තහවුරුයි

Sunday, November 02, 2014
බොලිවුඩ් රංගන ශිල්පී රිතීක් රෝෂන් හා සුරූපී සුසෑන් අතර 14 වසරක විවාහය ඊයේ (නොවැම්බර් 01) අවසන් කෙරුණා. ඒ මුම්බායි නුවර බන්ද්‍ර පවුල් අධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුවයි. මෙම දික්කසාදය වෙනුවෙන් සුසෑන් විසින් රිතීක්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 400 ක් වන්දි ලෙස ඉල්ලා ඇතැයි මුලින් වාර්තා පළවුණා. එහෙත් එකී වාර්තා අසත්‍යයන් කෙරුණේ කිසිදු වන්දි ඉල්ලීමක් හෝ ප්‍රදානයක් නොමැතිවයි. මෙම දික්කසාදය වූ කලී එකිනෙකාට ගරු කරමින් සහ එකිනෙකා විශ්වාස කරමින් විවාහක යුවලක් වෙන්විය යුත්තේ කෙසේදැයි පෙන්වාදෙන විරල අවස්ථාවක් බව රිතීක් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් කියාසිටියා. 

රීතීක් සහ සුසෑන් යුවලට දරුවන් දෙදෙනෙකු ද සිටිනවා. දික්කසාද එකගතාවන්ට අනුව මෙම දරුවන් දෙදෙනා සම්බන්දයෙන් රිතීක්ටත් සුසෑන්ටත් සම භාරකාරත්වය හිමියි. ඒ අනුව දෙදෙනාගෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක දරුවන් සමග සිටිය හැකියි. ඔවුන්ගේ වගකීම් ද දෙදෙනා අතරේ බෙදී යනවා.

රිතීක් සහ සුසෑන් යනු ළමා වියේ පටන්ම පෙම්වතුන්. ඔවුන් එකිනෙකා සමග විවාහ වුණේ 2000 වසරේදීයි. තමන් එකිනෙකාගෙන් වෙන්වන බව 2013 වසරේ දෙසැම්බර් මස 13 වනදා ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ අනුව එදින සිට මේ දක්වාම රිතීක් සහ සුසෑන් ජීවත් වුයේ එකිනෙකාගෙන් වෙන්වයි. මෙම වසරේ අප්‍රේල් මාසයේදී සුසෑන්ගෙන් නිත්‍යනුකූලව වෙන්වීම සදහා රිතීක් දික්කසාද ඉල්ලුම ඉදිරිපත් කළා. 

අධිකරණය විසින් දික්කසාද නියෝගය ලබාදීමෙන් පසු රිතීක් කියා සිටියේ සිය විවාහය අවසන් කිරීමට අවශ්‍ය වූයේ සුසෑන්ට බවයි. මෙම දික්කාසදය ආදරය වෙනුවෙන් ලබාදෙන ත්‍යාගයක් බව ද තමන් නොමැතිව සුසෑන්ගේ සිනහව වඩා සුන්දර වන්නේ නම් තමන් ඊට ආශිර්වාද කරන බව ද රිතීක් පවසනවා. කෙසේවෙතත් ඊයේ මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් තමන්ගේ ආදරය සුසෑන්ම බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. මේ අතර සුසෑන් නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ රීතීක් සහ තමන් එකිකෙනාට ගරු කරන බවයි. ඒ වගේම ඔවුන් දෙදෙනාම ස්වාධින පුද්ගලයන් බවද මෙම දික්කසාදය එකිකෙනාගේ කිසිදු බලපෑමක් නොමැතිව දෙදෙනාම ස්වාධීනව ගත් තීරණටයක් බවද එහි දැක්වෙනවා. කෙසේවෙතත් රිතීක් සහ තමන් දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් බව ද දරුවන් කෙරෙහි වන වගකීම් වලින් දෙදෙනාම තවදුරටත් බැදී සිටින බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

රිතීක් සහ සුසෑන් විවාහය


රිතීක් සහ සුසෑන් විවාහයෙන් පසු


රිතීක් සිය දරුවන් සමග





තවත් කලා පුවත්

Previous
Next Post »