Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශිල්පීන් 22 ක් ගැයූ දේශභිමාන ගීතය

Wednesday, March 18, 2015
" විදේශික ආක්‍රමණ හමුවේ වැසී ගිය ශ්‍රි ලාංකේය ඓතිහාසික අභිමානය යළි ස්ථාපිත කිරීමේ තේමා ගීතය " නමින් නව නිර්මාණයක් ඊයේ (මාර්තු 17) කොළඹදී එළිදැක්වුණා. මෙම ගීතයේ පද සංකල්පනාව අමිල තේනුවරගෙන්. දර්ශන රුවන් දිසානායක විසින් එහි තනුව සහ සංගීතය නිර්මාණ කර තිබෙනවා. මෙම ගීතය ගායනා කිරීම සදහා ඔහුද ඇතුලුව ශිල්පීන් 22 කු සහභාගී වී සිටීම තවත් විශේෂත්වයක්. මහාචාර්ය සනත් නන්දසිරි, රෝහණ බැද්දගේ, ලතා වල්පොල, අමරසිරි පීරිස්, ටී.එම් ජයරත්න, ජගත් වික්‍රමසිංහ, සශිකා නිසංසලා සහ ඉන්දික රුවන් ද ඒ අතර සිටිනවා. සමන් ලෙනින්, රවීන්ද්‍ර අලගියවන්න, උරේෂා රවිහාරී, හර්ෂණ දිසානායක, පේෂල මනෝජ්, දුමාල් වර්ණකුලසූරිය, ශම්මිකා අමානි සහ සූර්යා දයාරුවන් මෙම ගායන වෘන්දයේ තවත් කිහිපදෙනෙක්. තුසිත සිම්සන්, සචිනි නිසංසලා, රන්ජන් සාලිය, නදීශා රංගනී සහ හිමාෂ මනුප්‍රිය එහි සෙසු සාමාජිකයන්. මෙම ගීතය සදහා රූප රචනයක් ද සිදුකර තිබෙනවා. ඒ සුජීව ගුණරත්න විසින්. එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ ජාතික චිත්‍රපට සංස්ථෘවේ තරංගනී ශාලාවේදීයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට සහභාගී වී සිටියා.

එළිදැක්වීමේ උත්සවයේදී ලබාගත් ඡායාරූප කිහිපයක්







උත්තරීතර දේශයයි ගීත වීඩියෝව පහතින් බලන්න

තවත් කලා පුවත්

Previous
Next Post »