Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"මේ ආදරයයි" රමන්ගේ මංගල්‍යය ඇරබෙයි

Friday, March 20, 2015
සිරස රූපවාහිනයෙන් මේ දිනවල විකශය කෙරෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් තමයි "මේ ආදරයයි". සිංහලයට හඬ කැවූ නිර්මාණයක් වන මෙය මුලින් නිෂ්පාදනය කෙරුණේ හින්දි බසින්. මෙම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි රමන් කුමාර් බල්හා. ඊට පණ දෙන රංගන ශිල්පියා කරන් පටෙල් (Karan Patel). මේ දිනවල ඔහු සිය විවාහයට ලහි ලිහියේ සූදානම් වෙමින් සිටිනවා. පන්ජාබ් විවාහ මංගල්‍යයක් උත්සව කිහිපයකින් සමන්විතයි. ඉන් පළමුවැන්න තමයි "රෝකා උත්සවය". මනාලයාගෙත් මනාලියගෙත් පවුල්වල සමීපතමයන් පමණක් සහභාගී වී ඉතා චාම් අයුරින් මෙම උත්සවය පැවැත්වෙනවා. කරන් පටල්ගේ විවාහ මංගල්‍යයේත් රෝකා උත්සවය ඉකුත් දා පැවැත්වුණු බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. හැබැයි මෙහි ඉතිරි උත්සව පැවත්වෙන දින නම් මාධ්‍යට තවම රහසක්.

කරන්ගේ, ඒ කිව්වේ රමන් කුමාර් බල්හාගේ අතගන්න මනාලියත් රංගන ශිල්පිණියක්. ඇය අන්කිටා භාර්ගව (Ankita Bhargava). තවත් විශේෂත්වයක් වන්නේ අැය, "මේ ආදරයයි" ටෙලි නාට්‍යයේ රමන්ගේ බිරිද වන ඉෂිතාගේ පියා ලෙස අයියර් මහතාගේ චරිතයට පණ පොවන අබේ භාර්ගවගේ දියණියයි. ඒ කිව්වේ ටෙලි නට්‍යයේ මාමණ්ඩිය සිය සැබෑ ජීවිතයේත් මාමණ්ඩිය කරගැනීමටයි කරන් (රමන්) කටයුතු කර තිබෙන්නේ.

මේ දෙන්න මුලින්ම මුණගැසී තිබෙන්නේ අබේ භාර්ගවගේ නිවසසේ තිබුණු සාදයකදීයි. පස්සේ දෙන්නගේ හිතවත්කම ආදරයක් දක්වා ඉදිරියට ගිහිං තියෙනවා.

රෝකා උත්සවයේ අවස්ථා කිහිපයක්






කරන් (රමන්) සහ අන්කිටා පෙනීසිට සෙල්ෆි ඡායාරූප කිහිපයක්



කරන් (රමන්) සහ අන්කිටාගේ පවුලේ අය







තවත් කලා පුවත්

Previous
Next Post »