Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සල්මාන් නමින් හෝටලයක්

Saturday, March 21, 2015
බොලිවුඩ් රංගන ශිල්පී සල්මාන් ඛාන් වසර ගණනාවක් තිස්සේ නොවෙනස්ව සිය ජනප්‍රියත්වය පවත්වගෙන ඉන්නවා. එම ජනප්‍රියත්වය කොතරම්ද යත් සල්මාන්ගේ රසිකයන් කිහිපදෙනෙකු එකතු වී ඉකුත්දා ඔහු නමින් අවන්හලක් ද විවෘත කළා. ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටුවා ඇති මෙම අවන්හල නම් කර ඇත්තේ "බායිජාන්" (Bhaijaan) ලෙසයි. "බායිජාන්" යනු සල්මාන්ට පටබැඳී ඇති සුරතල් නාමයක්. "බායි" යන්නෙහි සිංහල තේරුම සහෝදරයා යන්නයි. "ජාන්" යන්න පණ යන තේරුම දෙනවා.

"බායිජාන්" අවන්හලේ සෑම බිත්තියක්ම සරසා ඇත්තේ සල්මාන්ගේ විවිධ ප්‍රමාණයේ ඡායාරූපවලින්. ඒවායෙන් බොහෝමයක් සල්මාන් රගපෑ චිත්‍රපටවල දර්ශනයි. එවැනි ඡායාරූපවල අදාළ චිත්‍රපටයේ නම සහ මංගල දර්ශනය පැවති දිනය ද සදහන් කර තිබෙනවා. එක් බිත්තියක් සම්පූර්ණයෙන්ම වැසී ඇත්තේ එක් එක් චිත්‍රපටවලදී සල්මාන් විසින් කියන ලද සුප්‍රකට දෙබස් වලින්. තවත් විශේෂත්වයක් වන්නේ මෙම අවන්හලේ සියළුම ආහාර වර්ග පාහේ සල්මාන් රගපෑ චිත්‍රපටවල නමින් නම් කර තිබීමයි. අන්දා අප්නා අප්නා, දබන්ග් 1, දබාන් 2 සහ ජෙය හෝ එවැනි ආහාර වර්ග කිහිපයක්. බ්‍රිතාන්‍යයේ සුප්‍රකට "රැඩිසන්" අවන්හලේ පවා සේවය කර ඇති ප්‍රවීන සූපවේදියෙකු මෙහි මෙනු පත භාරව කටයුතු කරනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »