Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලෝක රූකඩ දිනය අදයි

Saturday, March 21, 2015
ලෝක රූකඩ දිනය අදට (මාර්තු 21) යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ ශ්‍රී ලාංකික සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ මාතර නිල්වලා ගුරු අධ්‍යාපන පීඨයේ දීයී. සංස්කෘතික  කටයුතු රාජ්‍ය අමාත්‍ය  නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9 ට මෙම උත්සවය ආරම්භ වනවා. එහිදී දේශීය රූකඩ කලාව ස්මබන්ධයෙන් විශේෂ දේශනයක් මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා විසින් සිදුකිරීමට නියමිතයි. ප්‍රවීන රූකඩ නාට්‍ය ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබන රූකඩ නාට්‍ය සංදර්ශනයක් ද මීට ඇතුලත් වනවා.

මාර්තු 21වන “ලෝක රූකඩ දිනය” ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ සංවිධානය විසින්. ශ්‍රී ලංකාව පළමුවරට මෙම දිනය සමරනු ලැබුවේ 2005 වසරේදීයි.රූකඩ නාට්‍ය ශිල්පීන්ගේ සේවාව අගයකිරීම මෙහි අපේක්ෂාව වනවා.


.

තවත් කලා පුවත්

Previous
Next Post »