Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නවදිල්ලි දූෂණය චිත්‍රපටයකට නැගෙයි - අධිකරණයෙන් වාරණයක්

Wednesday, March 04, 2015
ඉන්දියාවේ නවදිල්ලි නුවර බස් රථයකදි වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණට ලක් වූ සිද්ධියක් ඔබට මතක ද ? දින ගණනාවක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිට ඇය අන්තිමේදී මරණයට පත්වුණා. මෙම සමූහ දූණය සිදුවුණේ ඉකුත් 2012 වසරේදීයි. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් ද අත්අඩංගුවට ගැණුනු අතර නඩු විභාගයෙන් පසු වරදකරුවන් කෙරුණු 04 දෙනෙකුට මරණීය දණ්ඩන නියම කෙරුණා. මෙහි සම්පූර්ණ කථාව අලලා බ්‍රිතාන්‍ය ජාතික ලෙස්ලි උඩ්වින් (Leslee Udwin) විසින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා. ඉකුත් දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ මෙම වාර්තා චිත්‍රපටය සදහා ‍අදාළ සමූහ දූෂණය සම්බන්ධයෙන් මේ වනවිට මරණීය දණ්ඩනයට ලක්වී සිටින මුකේෂ් සිංග් සමග තමන් කළ සම්මුඛ සාකච්ඡාවක් ද පාදක කරගත් බවයි. තමන් කළ වරද සම්බන්ධයෙන් මුකේෂ් සිංග් කිසිසේත් පසුතැවිල්ලක නොමැති බවද මෙවැනි ස්ත්‍රී දූෂණ බොහෝදෙනා සිදුකරන බව ද එසේ තිබියදී තමන්ට පමණක් දඩුවම් දීම විමතියට කරුණක් බව ද ඔහු කියා සිටියේයැ යි ලෙස්ලි උඩ්වින් ප්‍රකාශ කළා.

මේ අතර අදාළ වාර්තා චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රචාරය නොකරන්නැයි එරට පොලීසිය සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම වාර්තා චිත්‍රපටය සදහා පාදක කරගෙන ඇති සම්මුඛ සාකච්ඡාව ද ඉන්දියායේ ප්‍රචාරය නොකරන ලෙසයි පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. එවැනි ප්‍රචාරයක් සිදු වුවහොත් මහජන කැළබීමක් ඇතිවිය හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ බව සැලකිල්ලට ගෙන අදාළ සම්මුඛ සාකච්ඡාව ඉන්දියාවේ ප්‍රචාරය කිරීම හෝ පුවත්පත්වල පළ කිරීම එරට අධිකරරණය විසින් ද වාරණය කෙරුණා. මෙම සම්මුඛ සාකච්ඡාව ලබාගැනීම සදහා ලෙස්ලි උඩ්වින් බන්ධනාගාරයට ඇතුළු වූ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ද කරන ලෙසයි ඉන්දීය අධිකරණ වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

දූෂණයට ලක්වූ වෛද්‍ය සිසුවිය


වරදකරුවන් වී මරණීය දණ්ඩනයට ලක්ව සිටන්නන්


දිල්ලි සමූහ දූෂණයට එරෙහි මහජන විරෝධතාවන්හී අවස්ථා කිහිපයක් 




විත්‍රපට නිෂ්පාදිකා ලෙස්ලි උඩ්වින්




තවත් කලා පුවත්

Previous
Next Post »