Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නාමල්ට බෙහෙත් කරන්න ජනපතිගෙන් මිලියනයක්

Wednesday, March 25, 2015
රෝගීව අසාධ්‍ය තත්වයේ පසුවන ගායන ශිල්පී නාමල් උඩුගම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක් පිරිනමා තිබෙනවා. අයදුම්පත ඉදිරිපත් වී තිබුණේ රැපියල් මිලියන දෙකක් ලබාගැනීමටයි. එහෙත් මෙවැනි රෝගී තත්වයක් සදහා සාමන්‍යයෙන් පිරිනැමෙන මුදල රැපියල් ලක්ෂ 4ක්. ඒ අනුව නාමල් උඩුගම වෙනුවෙන් ඊට වැඩි මුදලක් පිරිනමා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අනුමැතියකින්. 

කෙසේ වෙතත් ගායන ශිල්පී මධුපාධව අරවින්ද මීට පෙර ප්‍රකාශ කළේ නාමල් උඩුගම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් දස දහසක් ලබාගැනීමටත් අතිශය මහන්සි වීමට සිදුවූ බවයි. ඒ සදහා නාමල් උඩුගම මහතාගේ රෝගී තත්වය පිළිබද වෛද්‍ය වාර්තා ද ඇතුළුව ලිපි ලේඛන රැසක් ඉදිරිපත් කිරීමට සිදුවූ බව ද ඔහු කියා සිටියා. 

නාමල් රෝහල්ගතව සිටියදී

තවත් කලා පුවත්

Previous
Next Post »