Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සංගාගෙන් වයලීන් වාදනයක්

Wednesday, March 04, 2015
කුමාර සංගක්කාර ගැන කවුද නොදන්නේ ? හැබැයි හැමෝම ඔහු හදුනන්නේ ක්‍රිකට් ක්‍රීඩකකෙු ලෙස. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු දක්වා ඇති හපන්කම් ද බොහෝමයි. එත් ඔබ දන්නවද සංගක්කාර හොද වාදකයෙක් ද බව. මේ බව අනාවරණ වුණේ ඉන්දීය රූපවාහිනී නාලිකාවක ඉකුත් දා විකාශය වූ වැඩසටහනකදීයි. සංගක්කාර එහිදී වයලීනයක් වාදනය කරමින් ප්‍රේකෂකයන් මවිත කිරීමට සමත් වුණා. මෙම වැඩසටහන විශේෂයෙන්ම කුඩා දරුවන් ඉලක්ක කරගත් එකක්. ප්‍රධාන ආරාධිතයා ලෙස සංගක්කාර සහභාගී වූ අතර වැඩසටහනට සහභාගීවී සිට කුඩා දරුවන් ඔහුගෙන් විවිධ ප්‍රශ්ණ ද විමසා සිටියාත එවැන් එක් ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින සංගක්කාර කියා සිටියේ ශාරුක් ඛාන්ගේ චිත්‍රපට බැලීමට තමන් ප්‍රිය කරන බවයි. ඉන්දියාවේ සිටින ලස්සනම නිළිය කවුදැයි  තවත් ප්‍රශ්ණයක් නැගැණා. ඊට පිළිතුරු දෙමින් සංගක්කාර මුලින්ම කිව්වේ සුස්මිතා සෙන්ගේ නම. සොනක්ෂි් සිංහා, කැත්රිනා කයිෆ් සහ අනුශ්කා ශර්මාද ඔහුට සිහිවුණා. 

පහතින් දැක්වෙන්නේ මෙම වැඩසටහනේ ආකර්ශනීයම අවස්ථා කිහිපයක්. සංගක්කාරගේ වයලීන් වාදනය ද ඊට අතැලත්.


තවත් කලා පුවත්

Previous
Next Post »