Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ටෙලි නිළි අක්ෂාට වරෙන්තු

Tuesday, March 24, 2015
රංගන ශිල්පිණියක් හා නිරූපණ ශිල්පිණියක් වන අක්ෂා සුදාරිටත් ඇගේ මවටත් ගංගොඩවිල මහේස්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් තර තිබෙනවා. ඒ මීට පෙර කරන ලද නියෝගයකට අදාළව ඔවුන් දෙදෙනා ඊයේ (මාර්තු 23) එම අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා. 

නුගේගොඩ පිහිටි රූපලාවන්‍යාගාරයකදී තවත් රංගන ශිල්පිණියක් වන හංසි සිතාරාට පහරදී ඇගේ ජංගම දුරකථනය පැහැරගැනීම සම්බන්ධයෙන් අක්ෂාත් ඇගේ මව සහ රංගන ශිල්පිණී මේනකා මධුවන්තිත් චෝදනා ලබා සිටිනවා. ඒ පිළිබද නඩු විභාගය සදහායි ඔවුන් අධිකරණය වෙත කැදවා තිබුණේ. අක්ෂා සහ ඇගේ මව අධිකරණය වෙත පැමිණ නොසිටියත් මේනකා නම් ඊයේ අධිකරණය වෙත පැමිණ සිටියා.

තවත් කලා පුවත්

Previous
Next Post »