Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සිරස සහ දෙරණ ගහගනී - ස්වර්ණවාහිනිය බොර දියේ මාළු බායි (Video)

Wednesday, March 25, 2015
කවුරු කොහොම ගහ මරා ගත්තත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් අතර මෙතෙක් කල් කිසියම් සුහදත්වයක් පැවතියා. තරගය යනු ගහ මරා ගැනීමක් නොවන බවයි මාධ්‍ය හැසිරීමෙන් මෙතෙක් කල් විද්‍යාමාන කෙරුණේ. ඒ නිසාම කිසියම් එක් මාධ්‍ය ආයතනයකට වෙන අසාධාරණයක් වෙනුවෙන් සෙසු මාධ්‍ය ආයතන ද පෙනී සිටියා. ලාභ ඉපැයීමේ සහ රසිකයන් දිනාගැනීමේ තරගය එසේම තිබියදීත් මාධ්‍ය ආයතන මෙවැනි සුහදත්වයක් පවත්වාගෙන ගියේ සමාජයේ සෙසු ක්ෂේත්‍රවලට ද පූර්වාදර්ශයක් වෙමින්. ඒත් දැන් මෙම තත්වය ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන්ගෙන.

සිරස රූපවාහිනිය සහ දෙරණ රූපවාහිනිය අතර ගැටුමක් ඇති වී තිබෙනවා. සිරස රූපවාහිනිය කියන්නේ තමන් අයත් මහරාජා සමාගමට අවාසි වන පරිදී දෙරණ රූපවාහිනිය වැරදි ප්‍රවෘත්තියක් පළ කල බවයි. මහරාජා සමාගම සතු කොළඹ කොටුව ප්‍රදේශයේ ඉඩමක් මහරාජා සමාගමට අයත් නොවන බවට මෙම ප්‍රවෘත්තියෙන් වාර්තා කෙරුණූ බව ද සිරස රූපවාහිනිය පවසනවා. කෙසේ වෙතත් දෙරණ රූපවාහිනිය පවසන්නේ අදාළ ඉඩම සම්බන්ධයෙන් මතභේදයක් පවතින බව මිස එය මහරාජා සමාගමට අයිති නොවන බවක් තමන් වාර්තා නොකළ බවයි.

මේ අතර සිරස රූපවාහිනියේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඊයේ (මාර්තු 24) දෙරණ රූපවාහිනියට ගොස් තිබෙනවා. සිරස රූපවාහිනිය පවසන්නේ ඉහත කී ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් එහි බලධාරියෙකුගෙන් කිසියම් අදහසක් ලබාගැනීම සදහා මෙම කණ්ඩායම යොදවන ලද බවයි. එයින් තමන් උත්සහ කළේ දෙරණ රූපවාහිනිියට ඇති පිළිතුරු දීමේ අයිතිය ආරක්ෂා කිරීමට බව ද ඔවුන් පවසනවා. කෙසේ වෙතත් දෙරණ රූපවාහිනිය පවසන්නේ සිරස රූපවාහිනියේ අදාළ මාධ්‍යවේදීන් කණ්ඩායම නිසි අවසරයකින් තොරව සිය කාර්යාල පරිශ්‍රය රූපගත කළ බවයි. පසුව මහරාජා සමාගමෙන් බව කියාගත් තවත් පිරිසක් ද සිය කාර්යාලයට ඇතුළු  වූ බව ද දෙරණ රූපවාහිනිය පවසනවා.

සිරස රූපවාහිනිය වැඩිදුරටත් පවසන්නේ දෙරණ සේවකන් විසින් සිය මාධ්‍යවේදීන් කණ්ඩායමට අඩත්තේට්ටම්ද සිදුකර ඇති බවයි. පැය කිිහිපයකට පසු ඔවුන් බේරා ගැණුනේ පොලීසිය විසින් බව ද සිරස රූපවාහිනය පවසනවා. කෙසේ වෙතත් දෙරණ රූපවාහිනිය පවසන්නේ සිය කාර්යාලයේ ආරක්ෂාව සදහා පමණක් තමන් ක්‍රියා කළ බවයි.

සිරස සහ දෙරණ නාලිකා වල ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශවල  වැඩි වෙලාවක් ද මෙම ගැටුම වෙනුවෙන් වෙන්වී තිබුණා.

මේ අතර ස්වර්ණවාහිනී  නාලිකාව සිරස හා දෙරණ රූපවාහිනී දෙකට නොකියා දොස් කියමින් සිය හැසිරීම වර්ණනා කර ගැනීමටයි උත්සහ කළේ.

පහත දැක්වෙන්නේ මීට අදාළ වීඩියෝයි.

සිරස ප්‍රවෘත්ති



දෙරණ ප්‍රවෘත්ති




ස්වර්ණවාහිනි ප්‍රවෘත්තී




තවත් කලා පුවත්

Previous
Next Post »