Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගීතයක අත්පිටපතට රුපියල් කෝටි 16 ක්

Wednesday, April 08, 2015
1970 දශකයේදී ලොව පුරාම කැළඹීමක් ඇති කළ Don McLean (ඩොන් මැක්ලීන්) ගේ American Pie (අමෙරිකන් පයි) ගීතයේ මුල් අත්පිටපත අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ට හෙවත් රුපියල් කෝටි 16 ට වැඩි මුදලකට අලෙවි වී තිබෙනවා. ඒ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති වෙන්දේසියකදීයි. රචකයාගේ අත් අකුරින්ම ලියා ඇති මෙම පිටපතට මෙතෙක් කල් මතභේදයට ලක්වී තිබූ ගීතයේ සැබෑ තේරුම සහ ස්වර ප්‍රස්තාර ද ඇතුලත්. 

American Pie ගීතයේ තේරුම කුමක් දැයි මෙතෙක් කල් විවිධ අදහස් පළ වුණා. ඒ අනුව එහි සැබෑ තේරුම කුමක්දැයි ලොවට අනාවරණ වූයේ ගීතය ලියැවී වසර 40 ත් පසුවයි. අතීතයට යන පුදුම සහගත චාරිකාවක් පිළිබද මෙයින් කියැවෙන බව Don McLean කියා සිටියා. 

මෙම ගීතයේ ධාවන කාලය විනාඩි 08 ක්. 1972 දී අමෙරිකානු ගීත දර්ශකවල අංක 01 ස්ථානයේ පිට පිටම සති 04 ක් රැදීමටත් බ්‍රිතාන්‍ය ගීත දර්ශකවල අංක 02 ස්ථානයට පැමිණීමටත් එය සමත් වුණා. තවද මෙම ගීතයේ නව නිර්මාණයක් ඉකුත් 2000 වසරේදී මැඩෝනා විසින් එළිදක්වන ලද අතර එයද ලොව පුරා රසිකයන් විසින් වැළඳගත්තේ ඉතා දැඩි ඕනෑකමකින්.

ගීතය පහතින් අහන්න.....

තවත් කලා පුවත්

Previous
Next Post »