Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රුසිරු FM හය සමරයි

Thursday, April 09, 2015
රුසිරු FM යනු අන්තර්ජාල රේඩියෝවක්. මෙවැනි අන්තර්ජාල රේඩියෝ තවත් බොහෝමයක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රධාන ධාරවේ රේඩියෝ නාලිකා ද  සිය විකාශනයන් අන්තර්ජාලය ඔස්සේ පවත්වගෙන යාම දැන් සාමාන්‍ය දෙයක්. එසේ තිබියදීත් ලොවපුරා රසික සිත් ආකර්ශනය කරගනිමින් අන්තර්ජාල ශ්‍රේණීගත කිරීම්වල ඉහළම තැනක් දිනාගැනීමට රුසිරු FM  සමත් වී තිබෙනවා. මෙම අන්තර්ජාල රේඩියෝවට දැන් අවුරුදු 06 ක්. ඊයේ (අප්‍රේල් 08) වනදා තමයි එහි 06 වන සංවත්සරය යෙදී තිබුණේ. ඒ වෙනුවෙන් සුභපැතූ අය අතර කලාකරුවන් ද වනවා. 

රුසිරු FM යනු වෙනත් බෙහෝ මාධ්‍ය ආයතන වගේ කාර්ය මණ්ඩලය සියගණනක් හෝ දහස් ගණනක් සේවය කරන්නක් නෙමෙයි. මෙහි නිර්මාතෘවරයා වයස තවමත් අවුරුදු 23 ක් 24 ක් වන තරුණයෙක්. ඔහුගේ නම රුසිරු දිසානායක. තමන්ගේ නමින් ඔහු අන්තර්ජාල රේඩියෝ නාලිකාවක් පටන්ගත්තේ ඔහුගේ පියාගේ ද අනුග්‍රහයෙන්. අද වෙනකං මෙම නාලිකාවේ කිසිදු වෙළඳ දැන්වීමක් ප්‍රචාරය නොකළ බවයි රුසිරු "කලාපූර්" වෙත කීවේ. මෙහි වැඩි ඉඩකඩක් ලබාදී ඇත්තේ ගීත වලට.සෑම ශෛලියකටම අයත් ගීත මෙමගින් ප්‍රචාරය කෙරෙනවා. ඒ නිසා එක දිගට ගීත අහන්න ඕනනම් අනිවාර්යේනම රුසිරු FM අහන්නයැ යි ඔහු යෝජනා කරනවා. පහුගිය අවුරුදු 06 දී වගේම ඉදිරියටත් රසික සිත් සතුටු කිරීම තම අභිප්‍රාය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

රුසිරු FM හය වන සංවත්සරය වෙනුවෙන් කලාකරුවන් සුභපැතූ හැටි 

තවත් කලා පුවත්

Previous
Next Post »