Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජපන් රූ රැජිණට ජපානයේදීම ගල් මුල් ප්‍රහාර

Friday, April 10, 2015
2015 Miss Universe තරගයේදී ජපානය නියෝජනය කිරීමට සුදුසකම් ලබා සිටින Ariana Miyamoto (අරියානා මියාමොටෝ) එරට බහුතර වැසියන්ගේ දෝෂ දර්ශනයට ලක්වී සිටිනවා. ඇය මිශ්‍ර ජාතික යුවතියක් වීම ඊට හේතුවයි. Ariana Miyamoto ගේ මව ජපන් ජාතික කාන්තාවක්. එහෙත් ඇගේ පියා අප්‍රිකානු අමෙරිකානු ජාතිකයෙක්. ඇගේ සිරුරේ පැහැය ද සම්පූර්ණ ජපන් යුවතියකට වඩා වෙනස්. උස සෙන්ටිමීටර් 173 ක්. මෙවැනි වෙනස්කකම් තිබියදීත් 2015 Ariana Miyamoto  ඉකුත් මස පැවැති ජපාන රූ රැජිණ තරගයට ඉදිරිපත් වුණා. 2015 Miss Universe තරගයට ඇය සුදුකම් ලබාගත්තේ එහි ජයග්‍රාහිකාව වෙමින්. 

"මේ තරගයට ඉදිරිපත් වෙන්න මුලින් මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් මං වගේම මිශ්‍ර ජාතික යුවලකට සිදුවූ අසාධාරණයක් නිසා මට හිතුණා ජපානයේ වෙනසක් ඇති කරන්න. මගේ වගේම මගේ මිතුරියගේ් සමේ පැහැය වෙනත් ජපන් යුවතියන්ට වඩා වෙනස්. ඒ නිසා ඇය නිතරම විහිළුවට ලක් වුණා. එවැනි විහිළු දරාගන්න නොහැකිව අන්තිමට ඇය සියදිවි නසාගත්තා. ඒ දේ තමයි මෙම තරගයට ඉදිරිපත් වෙන්න මාව පෙළඹවූයේ." Ariana Miyamoto මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇයට විරුද්ධ පිරිස් පවසන්නේ සම්පූර්ණ ජපන් ජාතිකයෙකු නොවන අයෙකුට ජාත්‍යන්තර තරගයකදී ජපානය නියෝජනය කිරීමට ඉඩ නොදිය යුතු බවයි. 

"Miss Universe තරගයට ජපානය වෙනුවෙන් ජපනෙක් නොවන කෙනෙක් - නෑ නෑ කවදාවත් ඒකට ඉඩ දිය නොහැකිය." එක් අයෙකු එසේ පවසනවා. 

තවත් අයෙකු පවසන්නේ "Miss Universe තරගයට මෙයාව යැව්වොත් ජපානයේ අනන්‍යතාවට මොක ද වෙන්නේ" කියායි. 

"මෙයාගේ කට කොච්චර ලොකු ද ? හරිම කැතයි"

"මූණ හරියට භූතයෙක් වගේ... මෙයාද රූ රැජිණ ?" ඒ Ariana Miyamoto ට එරෙහිව සමාජ වෙබ් අඩවිවල සදහන් වූ තවත් ප්‍රකාශ සමහරක්.

මෙවැනි පරිභව කිරීම් මධ්‍යයේ උවද Ariana Miyamoto මේ දිනවල Miss Universe තරගයට ලහි ලහියේ සූදානම් වනවා. "මම මේ තරගය දින්නොත් මගේ අපේක්ෂාව ඉටුවෙව්ත ජපානය වෙනස් වෙයි. මිශ්‍ර ජාතිකයන්ට ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවං වෙයි" ඇය විදෙස් මාධ්‍ය වෙත කියා සිටියා.

Ariana Miyamoto, Miss Universe තරගයට සූදානම් වන අයුරු


Ariana Miyamoto කුඩා කළ ලබාගත් ඡායාරූප කිහිපයක්





Ariana Miyamoto, Miss Universe තරගයෙන් පසු



තවත් කලා පුවත්

Previous
Next Post »